හකීම් ඇතුළු ඉල්ලා අස්වූ මුස්ලිම් ඇමැතිවරු 10 වැනිදා තීන්දුවක් ගනී

ඇතැම් සංවිධාන විසින් මුස්ලිම් ජනතාවට එරෙහිව එල්ල කරනු ලබන චෝදනාවන් සම්බන්ධයෙන් ගතයුතු ඉදිරි ක‍්‍රියාමාර්ග පිළිබදව සාකච්ඡා කිරීමට පාර්ලිමේන්තුව නියෝජනය කරනු ලබන සියලූම මුස්ලිම් මන්ත‍්‍රීවරුන්ගේ සාකච්ඡාවක් ලබන බදාදා (10) පෙරවරුවේදී පාර්ලිමේන්තුවේදී පැවැත්වෙන බව දිගාමඩුල්ල දිස්ත‍්‍රික් එජාප පාර්ලිමේන්තු මන්ත‍්‍රී එච්.එම්.එම් හාරිස් මහතා lankaepress කළ විමසීමකදී පැවසුවේය.

lankaepress සමග වැඩි දුරටත් කරුණු දැක්වූ හාරිස් මහතා,

‘නැවැත අමාත්‍යධූර ලබාගන්නා ලෙසට අමාත්‍යධූරවලින් ඉල්ලා අස්වූ රවුෆ් හකීම් ඇතුළු මුස්ලිම් මන්ත‍්‍රීවරුන්ගෙන් එක්සත් ජාතික පක්‍ෂය කර ඇති ඉල්ලීම පිළිබඳව ද අපි මෙහිදී සාකච්ඡා කරනවා. ඒ සාකච්ඡාවෙන් පසුව නැවත අමාත්‍යධූර ලබා ගන්නවාද නැද්ද යන්න තීරණයක් ගන්නවා.

ඒ වගේම රටේ වත්මන් දේශපාලන තත්ත්වය හා ඉදිරියේ මුස්ලිම් ජනතාවගේ නියෝජිතයින් ලෙස අප විසින් ගතයුතු ක‍්‍රියාමාර්ග සම්බන්ධයෙන්ද දීර්ඝ ලෙස සාකච්ඡා කිරීමට බළාපොරොත්තු වෙනවා’’

Recommended For You

About the Author: Editor