
HIV ආසාදිත මීයන් යොදාගනිමින් සිදුකළ පරීක්ෂණවලදී සම්පූර්ණයෙන්ම HIV ආසාදනය තුරන් කිරීමට හැකි ක්‍රමවේදයක් ඇමරිකානු නෙබ්බ්‍රස්කා වෛද්‍ය විද්‍යාලයේ සහ ටෙම්පල් විශ්ව විද්‍යාලයේ වෛද්‍ය විශේෂඥයන් විසින් සොයා ගෙන ඇත.
HIV වෛරස නාශක ඖෂධයක් ජාන සංස්කරණය කිරීමේ උපාංගයක් සමඟ මීයන්ගේ සිරුරුවලට ඇතුළත් කිරීමෙන් පසු සාර්ථක ලෙස HIV වෛරස විනාශ කිරීමට හැකිව ඇතැයි පරීක්ෂකයෝ පවසති.
කෙසේ වෙතත් මෙය මිනිසාට යොදාගත හැකිය යන්න පිළිබඳව තව දුරටත් පරීක්ෂණ සිදු කළ යුතු බව පර්යේෂකයෝ පවසති.