ඔබේ පෝෂ්‍යදායී ආහාර පිසීමට ගන්නා Non-Stick භාජන ඇත්තටම සුරක්ෂිතද?

දිනපතා ආහාර පිසීම සඳහා අප බොහෝ දෙනා ‘Non-Stick‘ භාජන බහුල වශයෙන් භාවිතා කරයි.  ඒ මගින් කාර්යබහුල ජීවන රටාවක් ගෙවන අපට එදිනෙදා ජීවිතයේ කාර්යන් පහසු කරන අතර, ඉක්මනින් අවශ්‍ය කරන උෂ්ණත්වයට පැමිණීම, නොඇලෙනසුලු බව, පිරිසිදු කිරීමේ පහසුව යන කරුණු මෙහි ඇති විශේෂත්වයන්ය.

නමුත් මෙම භාජනවල ආහාර පිසීම පිළිබඳව ඔබ නොදකිනා පැතිකඩක්ද පවතී.  ඒ මෙම භාජන නිෂ්පාදනය කිරීමට යොදා ගන්නා අමුද්‍රව්‍ය ඔබ නොදැනුවත්වම ඔබේ ශරීරයට හොර රහසේම රිංගා ගැනීමයි.

මේ පිළිබඳව කතාබහ කිරීමට අප ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය විද්‍ය පීඨයේ කථිකාචාර්ය, ප්‍රවේනි විද්‍යාවේදී වෛද්‍ය සජිත් එදිරිසිංහ මහතා සම්බන්ධ කර ගත්තෙමු.

මොනවද මේ Non-Stick භාජන කියන්නේ?

Non-Stick භාජන කියල කියන්නේ ඇලුමිනියම් හෝ වෙනත් ලෝහයකින් තැනූ භාජනයක ඇතුළත ආහාර පිසින කොටසේ ආහාර භාජනයේ පෘෂ්ඨය මත නොඇලීමට/එය මත සිල්සා යෑමට/ඝර්ෂණය අඩු කිරීමට පොලි-ටෙට්රා-ෆ්ලොරො-එටිලින් (polytetrafluoroethylene (PTFE),එසේත් නැත්නම් අප බොහෝ දෙනාට අසා පුරුදු ටෙෆ්ලෝන් (Teflon) නම් හයිඩ්‍රො කාබන් තට්ටුවක් ආලේපනය කරීමයි.

මොකක්ද මේ Teflon වල තිබෙන ගැටලුව?

ටෙප්ලෝන් කාමර උෂ්ණත්වයේදී බහු අනුවක් ලෙස පවතින අවස්ථාවේදී ඉතා ස්ථායී අනුවක්.  උෂ්ණත්වය 2600C ට වඩා වැඩි වූ විගස එය විවිධ ප්‍රතික්‍රියා කිරීමට පටන් ගන්නවා. එය සැකවින් සඳහන් කළොත්,

  • උෂ්ණත්වය 2600C ට වඩා වැඩි වූ විගස – පොලිමර වායූන් නිදහස් කිරීමට පටන් ගන්නවා
  • උෂ්ණත්වය 3500C ට වඩා වැඩි වූ විට (ගෘහස්ථ විදුලි පෝරණුවක  සාමාන්‍ය උෂ්ණත්වය) – පිටවන පොලිමර් වායූන් මගින් අවට සිටින පුද්ගලයන්ට ශ්වසන අපහසුතා, හිසේ කැක්කුම, උණ වැනි රෝගී ලක්ෂණ පෙන්නුම් කරනවා
  • උෂ්ණත්වය 3990C – සාමාන්‍ය Non-Stick භාජනයක් විනාඩි 08ක් පමණ නිවසේ ගෑස් උදුනක් මගින් රත්කළවිට ලැබෙන උෂ්ණත්වය
  • උෂ්ණත්වය 3960C දී – මෙතෙක් වාර්තා වී ඇති Teflon බිඳ වැටීමට පටන් ගන්නා අවම උෂ්ණත්වයයි.  මේ සම්බන්ධයෙන් පක්ෂීන් යොදාගෙන සිදුකළ පරීක්ෂණයකදී පිටවන වායූන් නිසා එම පක්ෂීන් මිය ගොස් තිබේ.
  • උෂ්ණත්වය 4270C -Electric coil හෝ  Range top උදුන් මගින් නිපදවන උෂ්ණත්වය
  • උෂ්ණත්වය 5540C දී (බොහොමයක් ගෘහස්ථ විදුලි පෝරණුවල උපරිම උෂ්ණත්වය) – ඔක්සිකරණය වූ Teflon අනු නිදහස් වීමට පටන් ගන්නවා
  • උෂ්ණත්වය 6800C දී – විෂ වායූන් නිදහස් වීමට පටන් ගන්නවා.  එව වායූන්  නම්
  • ‘Tetrafluoroethylene‘ (TFE) – සතුන් හට පිළිකා කාරකයකි
  • ‘Hexafluoropropene’ (HFP) – විෂ සහිත වායුවකි
  • ‘Trifluoroacetic acid’ (TFA) – ශාකවලට විෂ සහිතය
  • ‘Difluoroacetic acid (DFA) – සතුන්ගේ වකුගඩුවලට විෂ සහිතය
  • ‘Monofluoroacetic acid’ (MFA)-අඩු සාන්ද්‍රනවලදී පවා මිනිසාට විෂ සහිතය
  • ‘Perfluorooctanoic acid’ (PFOA) – සතුන් හට පිළිකා කාරකයකි
  • උෂ්ණත්වය 8870C දී – SiF4 (Silica Tetrafluoride) නිදහස් කිරීමට පටන් ගන්නවා. ආග්‍රහණය කිරීම හෝ ආහාර සමග මුසුවී ශරීර ගතවීම ඉතා විෂ සහිතය
  • උෂණත්වය 9320C දී – COF2 (Carbonyl fluoride) නිදහස් කිරීමට පටන් ගන්නවා – යුදමය තත්ත්වයනවලදී භාවාතා කරන රසායනික අවි සඳහා මෙම වායුව අඩංගු රසායනික පවුලේ විෂ වායූන් භාවිතා කරයි.  මෙම වායුව ආඝ්‍රහණය කිරීම මගින් ශ්වසන අපහසුතා, හිසේ කැක්කුම, උණ, උගුරේ වේදනාව වැනි රෝගී ලක්ෂණ පෙන්නුම් කරනවා. එමෙන්ම HF (Hydrogen fluoride) මෙය සම මත තැවරුණු විට පටක විනාශ කිරීමේ හැකියාවක් පවතිනවා
  • උෂ්ණත්වය 11120 සහ ඉහළ දී – CF2 (trifluoroacetic acid fluoride), CF4(Carbon tetrachloride) සහ PFB (Perfluorobutane) වායූන් නිදහස් කිරීමට පටන් ගන්නවා.  ඇතැම් වායූන් ගෝලීය උණුසුම ඉහළ නැංවීමට එකහෙලා දායක වනවා.

Teflon/PETFවලට අමතරව මෙලෙස පිටවන වෙනත් රසායනික ද්‍රව්‍ය මොනවාද?

‘PTFE’ නිෂ්පාදනය සඳහා යොදා ගන්නා එක අමුද්‍රව්‍යක් වන  ‘perfluorooctanoic acid’ (PFOA) Non-Stick භාජනය සීරීමකින් හෝ තුවාල වීමකින් හො රත්කිරීමකදී පරිසරයට නිකුත් වෙනවා. මෙම PFOA අනු මිනිසාගේ සහ සතුන්ගේ සිරුරේ හෝර්මෝන පාලනය අඩපණ කිරීම සිදුකරයි.  එමෙන්ම මෙම PFOA පරිසර හිතකාමී නොවේ. ලෙහෙසියෙන් දිරාපත් වීමක් සිදු නොවේ. ඒවා මිනිසාගේ ශරීරය තුළ බොහෝ කාලයක් තිබිය හැක. මෙම භාජනවලින් පමණක් නොව ඉඩම් ගොඩකිරීමට ගන්නා කසළවලින්, කර්මාන්ත ශාලාවලින්, අප ජලය පිරිපහදු කරන ස්ථානවලින් පවා මෙම PFOA ස්වභාවිකජල මූලාශ්‍රවලට එකතු වී මිනිසාගේ ශරීරයට එකතු විය හැකිය.

2011 වසරේදී සිදුකළ රුධිර සාම්පල පරීක්ෂාවකදී සොයාගෙන ඇත්තේ ඇමෙරිකානු පුරවැසියන්ගෙන් 95%ක ගේම රුධිරයේ මෙම සංඝටක විවිධ ප්‍රමාණවලින් ඇති බවයි. චීනයේ මතුපිට ජල මුලාශ්‍ර ආශ්‍රිතව සිදුකළ පරීක්ෂණ මගින් එහි ඉතා ඉහළ සාන්ද්‍රණවලින් PFOAඇති බව තහවුරු කරගෙන තිබේ.

සතුන් යොදා ගනිමින් සිදුකළ පරීක්ෂණවලදී මෙම සංඝටකය මගින් වෘෂණ කෝෂ, අක්මාව, අග්න්‍යාසය සහ පියයුරු පිළිකා ඇතිවීමේ අවදානමක් පෙන්වා දී තිබේ. එමෙන්ම සත්ත්ව පරීක්ෂණවලදී එම සතුන්ගේඅලුතෙන්ඉපදෙනකුඩා පැටවුන්ගේ උපන් බර අඩුවීමක් සහ ඉපදි කෙටි කාලයක් තුළදී මිය යෑමේ සම්භාවිතාවක් ඇති බව පෙන්වා දී තිබේ.

ඇමෙරිකාවේ ‘National institute of Health’ ආයතනයේ ‘U.S. library for Medicine’ වෙබ් පිටුවෙහි පැහැදිලිව පෙන්වා දී ඇති පරිදි මෙම PFOA මගින්

  • රුධිරයේ ලිපිඩ මට්ටම ඉහළ නංවන අතර
  • වර්දනය වන කලලයට මෙන්ම මවුකිරි බොන කුඩා දරුවන්ටද බලපෑම් ඇති කරන බව සඳහන් කර ඇත.
  • එමෙන්ම මේ මගින් දරුවන්ගේ උපත් බර අඩු කිරීමටද,
  • තයිරොයිඩ ග්‍රන්ථිය අක්මාව සහ ප්‍රතිශක්ති කරන පද්ධතිය කෙරෙහි බලපෑමක් එල්ල කිරීමටද හැකි බව සඳහන් කර තිබේ‍. 

Non-Stick භාවිතයේදී ඔබ සිදු නොකල යුතු දෑ මෙනවාද?

1. සීරුණු ‘Non-Stick‘ භාජන භාවිතයෙන් ඉවත් කරන්න.

එමෙන්ම කලක් භාවතා කිරීමේදී මෙම Non-Stick භාජනවල තැනින් තැන Teflon කවරය ගැලවී/සීරී තිබෙනවා ඔබ දැක ඇති.  මෙලෙස Teflon කවරයට හානි වූ භාජන හැකිතාක් ඉක්මනින් භාවිතයෙන් ඉවත් කරන්න.  මන්දයත් ඒ මගින් නැවත වරක් ඔබ ආහාර පිසින විට/ආහාර පිසීමේදී හැඳි ගාන විට මෙම ඇසට නොපෙනෙන Teflon කොටස් ගැලවී ඔබේ ආහාරත්  සමග ශරීරගත වීමට ඉඩ ප්‍රශ්ථාවක් තිබේ. මෙහිදී පැන නගින ගැටලුව නම් අඩු උෂ්ණත්ව තුලදි Teflon ඉතා ස්ථායී අනුවක් ලෙස ප්‍රකාශ කර ඇතත් මින් ඉහතදී විද්‍යාඥයන් විසින් මිනිස් සිරුරට හානියක් විය නොහැකි ලෙස ප්‍රකාශ කර තිබූ බොහොමයක් රසායනික ද්‍රව්‍ය නැවත සිදුකෙරුණු සමීක්ෂණවලදී මිනිස් සිරුරටඑ අහිතකර බව තහවුරු වි තිබීමය.  මෙලෙස තහවුරු කර ඇත්තේ, මිනිස් සිරුරට හානියක් නොමැති බව ප්‍රකාශ කර වසර ගණනාවක් ගතවීමෙන් අනතුරුවය.

2000 වසරේදී ඇමෙරිකාවේ රෝචේස්ටේර් විශ්වවිද්‍යාලයේ Teflon ඉතා කුඩා ක්ෂුද්‍ර අනු (නැනෝ මීටර 16) යොදාගෙන කරන ලද පරීක්ෂණයකදී සොයාගෙන ඇත්තේ Teflon/PETF කුඩා ක්ෂුද්‍ර අනු මගින් ඉතා ඉක්මනින් පෙනහලු හානියට පත් කරන බවයි. මෙලෙස නැනෝ මීටර් 16ට අඩු විශ්කම්භයක් ඇති PETFඅනු 4860C වැනි උෂ්ණත්වයකදී සාමාන්‍ය Non-Stick භාජනයක් රත් කිරීමේදී වාෂ්පීකරණයට ලක්වන බව සොයාගෙන තිබේ.

එමෙන්ම රසායනාගාර මීයන් යොදාගෙන සිදුකළ පරීක්ෂණයකදී සොයාගෙන ඇති තවත් විශේෂ කරුණක් වන්නේ ‘PTEF’ සාන්ද්‍රණයක් 50 µg/m3ක් ව තිබී, විනාඩි 15ක කාලයක් ආඝ්‍රහණය කිරීමෙන්, එම වායුව විෂ වීමටක ලක් විය හැකි බවයි.  තවදුරටත් එම පරික්ෂණ මගින් සඳහන් කර ඇත්තේ ක්ෂුද්‍ර  අනු සහ දුමාරය දෙකම ආඝ්‍රහණය වීම මගින් ඉතා උග්‍ර විෂ වීමටක ලක්විය හැකි බවයි.

2.භාවිතා කිරීමේදි සෑම විටම 2000C ට වැඩි අඩු උෂ්ණත්වයකදී ආහාර පිසීම සිදු කරගන්න.

මෙය ප්‍රායෝගිකව සිදුකිරීමට අපහසු කාර්යක් වන අතර, උදුණේ උෂ්ණත්වය නිවැරදිව පෙන්වන උදුන් භාවිතය මෙයට ඇති එක් විසඳුමකි.

ඉහත සඳහන් කළ රසායනික වාෂ්ප/වායූන් අප ‘Non-Stick‘ භාජනය රත්කරන උෂ්නත්වය මත රඳවා පවතී. නිවසේ භාවිතා කරන විවිධ ගෑස් හෝ විදුලි උදුන් මගින් 1620C-8000Cක උෂ්ණත්වයක් ඉතා පහසුවෙන් උදා කරගත හැකිය. මෙලෙස භාවිත කිරීමේදී පාලනයකින් යුතුව උෂණත්වය ඉහළ දැමීම සිදුකළ යුතු වුවද එය ප්‍රියෝගිකව සිදුකළ නොහැක. මන්දයත් දැනට ශ්‍රී ලංකාවේ නිවෙස්වල භාවිතා වන බොහොමයක් උදුන්වල උදුනේ ඇති උෂ්ණත්වය ඉලක්කමින් ප්‍රදර්ශනය කළ නොහැකි බැවිණි.

නමුත් දැනට වෙළෙඳ පොළේ ලිපෙහි උෂ්ණත්වය පාලනය කළ හැකි උදුන්ද මිලදී ගැනීමට ඇති අතර, සාමාන්‍ය උදුනකට වඩා එය මිලෙන් වැඩිය.

3. ආහාර පිසීමේදී කලවම් කිරීම සඳහා යකඩ/ලෝහ හැඳි භාවිතා නොකරන්න.

4.ගබඩා කිරීමේදි එකිනෙක වැදීම වළක්වන්න

මේ සඳහා භාජන දෙක් අතරට කඩදාසියක්/කඩදාසි සර්වියට් (paper serviette) එකක් දමන්න.

5. පිරිසිදු කිරීම සඳහා කිසිදු රළු ද්‍රව්‍යයක් භාවිත නොකරන්න.

මෙලෙස රළු ද්‍රව්‍ය ( Steel Wool) භාවිතා කිරීමෙන්  Teflon කවරය සීරී යා හැකිය. එමෙන්ම මෙම භාජන පිඟන් සෝදන යන්ත්‍ර මගින් පිරිසිදු කරගැනීමෙන් වැළකිය යුතුය. පිරිසිදු කිරීම සඳහා රෙදි කැබැල්ලක් හෝ ස්පොන්ජයක් භාවිත කිරීම වඩා සුදුසුය.

Steel Wool/පොල් කොහු බුරුසු භාවිතා නොකරන්න.

6. පහසුව උදෙසා ඉතිරි ආහාර Non-Stick භාජනවලම තබා පසුවට ගැනීම සඳහා ශීතකරණයේ  තැබිමෙන් වළකින්න.

මෙහිදී ආහාරවල ඇති ආම්ලික ද්‍රව්‍ය භාජනය පලුදු වී ඇති තැන්වලින් කාන්දු වී ලෝහය සමග  ප්‍රතික්‍රියා කර විෂ රසායනික නිපදවිය හැකිය. එමෙන්ම මෙලෙස ගබඩා කිරීමේදී සිදුවිය හැකි හානියද වැඩිය.

7. දේශීයව නිපදවූ මැටි භාජන සහ පොල්කටු හැඳිවලට මාරු වන්න.

ලිපේ තියා රත්කිරීමෙන් Non-Stick භාජන වලට වඩා වැඩි කාලයක් ගතවන බව සැබෑය. ඔබ ගෑස් උදුනක් භාවිතා කරන්නෙ නම් වෙනදාට වඩා ගෑස් භාවිතය මදකින් ඉහළ යනු ඇත. නමුත් මෙම දේශීයව නිපදවූ මැටි භාජන සහ පොල්කටු හැඳි මගින් ඔබ මහන්සි වී උපයාගත් මුදලින්ම, ඔබට මුදල් දී පිළිකා කාරක සංඝටක නිකුත් කළ හැකි භාජන මිළදී ගෙන නිස්කාරනේ රෝගියෙකු වීම වලක්වයි.

වෛද්‍ය සජිත් එදිරිසිංහ

Recommended For You

About the Author: Editor