කාත්තන්කුඩියේ 20කට ෂරියා මරණ දඬුවම දුන් හැටි CIDයට කියන්න මැදගොඩ අභයතිස්ස හිමිට සිදුවන හැඩ

මැදගොඩ අභයතිස්ස හිමියන් පසුගිය 04 වැනිදා නුගේගොඩදී සිදුකළ බව කියන ප‍්‍රකාශය සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් ආරම්භ කරන ලෙස වැඩබලන පොලිස්පතිවරයා රහස් පොලිසියට ලිඛිත නියෝගයක් ලබාදී ඇතැයි පොලිස් මූලස්ථානය කියයි.

‘වහාබ් අන්තවාදයට එරෙහි ජනතා ව්‍යාපාරය’ මැයෙන් වූ සංවිධානයක් විසින් පසුගිය 04 වැනිදා නුගේගොඩ දී පැවැත් වු ජනහමුවේ දී මැදගොඩ අභයතිස්ස හිමියන් කියා සිටියේ කාන්තන්කුඩි ප‍්‍රදේශයේ පුද්ගලයන් 20 දෙනෙක්ට ෂරියා නීතිය යටතේ මරණ දඬුවම ලබා දී ඇති බවට තමා සතුව තොරතුරු ඇති බවයි.

තමා සතු තොරතුරු මාධ්‍යට ලබා නොදෙන බවත් අවශ්‍ය නම් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඒවා ලබා දිය හැකි බවද අභයතිස්ස හිමියෝ එහිදී ප‍්‍රකාශ කළහ.

අභයතිස්ස හිමියන් කළ මෙම හෙළිදරව්ව සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන ලෙසට වැඩබලන පොලිස්පතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ලිඛිතව දැනුම් දී ඇති බව පොලිස් මූලස්ථානය කියයි.

මෙම හෙළිදරව්ව සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයට අදාළව ඉදිරියේ මහාචාර්ය මැදගොඩ අභයතිස්ස හිමියන්ගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප‍්‍රකාශ ලබා ගැනීමට ක‍්‍රියාකරන බව ද පොලිස් මූලස්ථානය වැඩි දුරටත් සඳහන් කරයි.

Recommended For You

About the Author: Editor