චීන රජයේ ශ‍්‍රී ලංකාවට නෞකා පරිත්‍යාගයක්

චීන රජය විසින් ශ‍්‍රී ලංකා නාවික හමුදාවට පරිත්‍යාග කළ c 625 දරණ නෞකාව අද (8) පෙරවරු 9.15ට කොළඹ වරායට සේන්දු වුණා.

මෙම නෞකාව පිළිගැනීම සඳහා නාවික හමුදාපති පියල් ද සිල්වා ඇතුළු නාවික හමුදා නිලධාරීන් ද චීන තානාපතිවරයා ඇතුළු චීන තානාපති කාර්යාලයේ නිලධාරීන් ද පැමිණ සිටියා.

දිගින් මීටර් 112ක් සහ පළල මිටර් 12.4ක් වන මෙම නෞකාව නිපදවා ඇත්තේ 1994දීයි. චීන නාවික හමුදාව විසින් නාවික මෙහෙයුම් සඳහා යොදාගත් මෙම නෞකාවේ නිලධාරීන් 18 දෙනකුට සහ නාවික භටයින් 93 දෙනකුට සේවය කළ හැකි බවයි නාවික හමුදා මාධ්‍ය ප‍්‍රකාශකවරයා සඳහන් කළේ.

ඈත මුහුදේ මුරසංචාර, අනවසර සංක‍්‍රමිකයින් වැටලීම ආදි කටයුතු සඳහා මෙම නෙවෟකාව භාවිත කරන බවයි නාවික හමුදා මාධ්‍ය ප‍්‍රකාශකවරයා සඳහන් කළේ.

මෙම නෞකාව පසුගිය ජූනි 05 වැනිදා ශ‍්‍රී ලංකා රජයට නිල වශයෙන් භාර දී තිබුණා.

Recommended For You

About the Author: Editor