ජනපති ධුර කාලය ගැන ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසීම නිෂ්ඵලයි – ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ

ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට අනුව පාර්ලිමේන්තුවේ සම්මත කරනු ලබන නීතියක් නැවත අධිකරණයක හෝ කිසිදු ස්ථානයක අභියෝගයකට ලක්කීරීමට නොහැකියි

තවදුරටත් රට අරාජික කරමින් ජනාධිපතිවරණය කල් දැමීම සඳහා රජය ගන්නා උත්සහයට කිසිසේත්ම ඉඩ නොදෙන බව ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසයි.

අද පෙරවරුවේ කොළඹ නෙළුම් මාවතේ පිහිටි පොදුජන පෙරමුණු ප‍්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී එම පක්ෂයේ සභාපති මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා මේ බව අවධාරණය කළේය.

19 වැනි ව්‍යවස්ථා සංශෝධනයේ ජනාධිපතිධූර කාලය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා නැවත ශ්‍රේෂ්ඨාධිකරණ මතය විමසීමට පියවර ගතහොත් ඊට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කරුණු දක්වන බව ජී. එල්. පීරිස් මහතා මෙහිදී සඳහන් කළේය.

මෙරට ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට අනුව පාර්ලිමේන්තුවේ සම්මත කරනු ලබන නීතියක් නැවත අධිකරණයක හෝ කිසිදු ස්ථානයක අභියෝගයකට ලක්කීරීමට නොහැකි බව පෙන්වාදුන් ඒ මහතා ජනාධිපතිවරයා එවන් උත්සාහයක් දරන්නේ නම් එය නිෂ්ඵල ක‍්‍රියාවක් බව අවධාරණය කළේය.
මෙම අවස්ථාවට සහභාගීවූ පාර්ලිමේන්තු මන්ත‍්‍රි රෝහිත අබේගුණවර්ධන මහතා සඳහන් කළේ වසර හතරක කාලයක්වත් ධූරයේ රැඳි නොසිටින බව පවසමින් බලයට පැමිණි ජනාධිපතිවරයා දැන් එවැනි උත්සාහයක් දරන්නේ නම් එය හෙළා දකින බවයි.

ජනාධිපතිවරණය නියමිත කාලයට පැවැත්වීම සඳහා දිවි හිමියෙන් කැපවී ජනතා පරමාධිපත්‍ය සුරැුකීමට පියවර ගන්නා බවද ඒ මහතා සඳහන් කළේය.

Recommended For You

About the Author: Editor