දවසක් හෝ බලයේ රැඳි ඉන්න ජනපතිවරයා මොනවද නොකළේ ? – මහාචාර්ය ජී .එල් පීරිස්

ජනාධිපතිවරයාගේ නිල කාලය දීර්ඝ කර ගැනීමට මොනවාද නොකළේ. මිනිස්සු එල්ලන්න හැදුවා. මළමිනි හරහා බලයේ රැඳී ඉන්නේ උත්සාහ කළා. මොන ක‍්‍රමවේදයක් හරි කරලා දවසක් හරි බලයේ ඉන්න බලන්නේ.

දැන් 19 වැනි සංශෝධනය රටට ශාපයක් වෙලා. මොන විදියකින් හරි මේ සංශෝධනය ඉවත් කරන්න වෙනවා යැයි ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී .එල් පීරිස් මහතා කියයි.

පීරිස් මහතා මේ බව සඳහන් කළේ අද (8) ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප‍්‍රධාන කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවේදීය. පීරිස් මහතා මෙසේ ද සඳහන් කළේය.

මැතිවරණ ක‍්‍රමය වෙනස් කළා නම් මැතිවරණය ජයග‍්‍රහණය කරන පක්ෂයට තනියම ආණ්ඩුවක් හදන්න හැකියාව ලැබෙනවා. එහෙම වුනානම් එක් එක්කෙනා පස්සේ යන්න ඕන වෙන්නේ නැහැ. අනිවාර්යෙන්ම මේ මැතිවරණ ක‍්‍රමය වෙනස් විය යුතුයි. මේ මැතිවරණ ක‍්‍රමය නිසයි අස්ථාවර ආණ්ඩු බිහි වෙන්නේ. රෝග නිධානය මැතිවරණ ක‍්‍රමයයි.

එදා මෛත‍්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට ඇවිත් රටේ විධායක ජනාධිපතිවරයා විදිහට වැදගත් ප‍්‍රකාශයක් කළා. ”මාව විශ්වාස කරන්න. මම පුද්ගලිකව මේ වගකීම භාර ගන්නවා. සති දෙකක් ඇතුළත පාර්ලිමේන්තුවට 20වන සංශෝධනය ඉදිරිපත් කරනවා. විසිවන සංශෝධනයෙන් මැතිවරණ ක‍්‍රමය වෙනස් කරනවා. ඒ වගකීම මම භාර ගන්නවා. ප‍්‍රමාද නොකර ඉක්මනින්ම කරනවා. මගේ ඒ වචනය විශ්වාස කරලා ඔබලාගේ හිතේ තිබෙන සැක සංකා නැති කරගෙන 19වෙනි සංශෝධනයට ඔබේ ඡුන්දය දෙන්න” එතුමා ස`දහන් කළා.
එතුමාගෙ වචනේ පිළිඅරන් කට්ටිය ඡුන්දය දුන්නා. එදා මේ ප‍්‍රකාශය නිසයි අපේ අය ඡුන්දෙ දුන්නෙ. සතුටකින් නෙවෙයි. අවුරුදු හතරක් ගත වෙලත් එතුමාට එය කරන්න බැරි වුණා. ඒ නිසයි මේ සියලූ අවුල් ජාලා ඇති වුණේ. මේකට වගකිවයුතු ප‍්‍රධාන පුද්ගලයා වෙන කවුරුවත් නෙවෙයි මෛත‍්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා. දැන් 19 වැනි සංශෝධනය රටට ශාපයක් වෙලා. මොන විදියකින් හරි මේ සංශෝධනය ඉවත් කරන්න වෙනවා.
ජනාධිපතිතුමා 19 දහනවවැනි සංශෝධනය ගැන කිව්වේ මේ විදියටයි. යහපාලනයේ ප‍්‍රතිමූර්තිය දහනව වැනි සංශෝධනය. මේ සංශෝධනය ගෙන ඒම නිසා මා ඉතිහාස ගතවන බවද එතුමා සඳහන් කළා. ලෝක ඉතිහාසයේ ප‍්‍රථම වතාවට තමන්ගේ බලතල ස්වේච්ඡුාවෙන් අතහරින්න කැමැති වෙලා ඒ සඳහා වැඩපිළිවෙළක් යොදපු ප‍්‍රථම චරිතය තමන් බවත් සදහන් කළා. ”මම පරාර්ථකාමී නායකයෙක්. මගේ තීරණය වෙන කාගෙවත් බලපෑමක් නැහැ. රට වෙනුවෙන් සුබසිද්ධිය වෙනුවෙන් ප‍්‍රජාතන්ත‍්‍රවාදය වෙනුවෙන් මේ බලතල මගේ කැමැත්තෙන් මම ඉවත් කරනවා. ඒ සඳහා භාවිතා කරන මෙවලම දහනව වැනි සංශෝධනය. ඒ කියන්නේ දහනමවැනි සංශෝධනය තමයි යහපාලනයේ ලාංඡුනය.” මේ යහ පාලනය ඉදිරිපත් කළේ මහා පරිමාණයේ විප්ලවයක් විදියටයි. විශාල සමාජ විප්ලවයක් විදිහටයි හැඳින්වූයේ. රටට හා ලෝකයට කීවේ නිතිය ස්වාධීපත්‍ය ප‍්‍රජාතන්ත‍්‍රවාදය සංකේතවත් කරන්නේ 19 වැනි සංශෝධනය බවයි. සිරිසේන ජනාධිපතිවරයා එදා කතා කළේ එහෙමයි. අද තත්වේ මොකක්ද.

එදා ඉතාමත් ඉහළින් වර්ණනා කර තමන්ගේ උපරිම නිර්මාණය විදිහට වචනයෙන් වර්ණනා කළ හැකි ඉහළම ප‍්‍රමාණයෙන් වර්ණනා කළ 19 වැනි සංශෝධනය අද රටට ශාපයක් වෙලා බව එතුමාගේ මුවින් පිටවෙන වචන වලින් පේනවා. එහෙම වෙනසක් වුණේ කොහොමද. බලයේ රැුඳී සිටීමට ඇති අසීමිත ආසාව නිසයි මෙහෙම වෙනසක් උනේ. ”මම ආවේ රටට හොඳක් කරලා සතටුු සිතින් ගෙදර යන්න. අවුරුදු හයක් මට හොඳටම වැඩියි. මට වසර හතරක් හොඳටම ඇති. දෙවෙනි වතාවට ඉදිරිපත් වෙන්නේ නැහැ. මේ දේශපාලන න්‍යායපත‍්‍රය ක‍්‍රියාත්මක කිරීමට වසර හතරක් මදියි කියල මගේ කැබිනට් මණ්ඩලය කියනවා. ඒ නිසා අවුරුදු පහක් ඉන්න අකමැත්තෙන් පිළිගත්ත” බවයි ජනාධිපතිවරයා සඳහන් කළේ.

එහෙම කියපු ජනාධිපතිවරයා අද ශේෂ්ඨාධිකරණයට ගිහින් මට අවුරුදු හයක් ඉන්න පුළුවන්ද කියල අහනවා. ශේෂ්ඨාධිකරණයේ විනිශ්චයකාරවරුන් පස් දෙනෙක් ගේ ප‍්‍රියසාද් ඩෙප් විනිශ්චකාර වරයාගේ ප‍්‍රධානත්වයෙන් යුත් විනිශ්චය මඩුල්ලක් ඒකමතිකව තීරණය කරා ජනාධිපතිවරයාට බලයේ සිටිය හැක්කේ වසර පහක් පමණක් බව.

දැන් මේක පටන් ගන්නේ කවදාද. කරු ජයසූරිය කථානායක වරයා 19 වන සංශෝධනය අත්සන් කළ දවසේ ඉඳන් මෙය ක‍්‍රියාත්මක වන නිසා ඔහුට නැවත මාස හයක් හෝ සිටිය හැකිද කියන කතාව දැන් ඉදිරියට ඇවිත්.

ඉස්සෙල්ලා උත්සාහ කළේ 19 දහනමවැනි සංශෝධනය රාමුව තුළ ධූර කාලය දීර්ඝ කළ ගන්න. නමුත් එය අසාර්ථක වුණා. 19 වැනි සංශෝධනය හෙනහුරා වුණා. දැන් 19 වැනි සංශෝධනය මුලින්ම ගලවලා විසි කරන්න සූදානම්. ඒ නිසා ආයෙත් ශේෂ්ඨාධිකරණයට යනවලූ. දහනමවැනි සංශෝධනය නීති විරෝදීයි නිසා ඒක අයින් කරන්න කියන්න ශේෂ්ඨාධිකරණයට යන කතාවක් තියෙනවා. ඒ පිළිබඳ නීති තත්වය සරළව පහදලා දෙන්න පුළුවන්. කතානායක වරයා යම්කිසි නීතියක් පෑනෙන් අත්සන් කිරීමෙන් පසුව ඒ පිළිබඳ කිසිදු විමර්ශනයක් පැවැත්වීමට ශ්‍රේෂ්ඨාධිකරණයට බැහැ.

පළාත් සභා පනත ඉදිරිපත් කරපු අවස්ථාවේ කමිටු අදියරේ දී වගන්ති 35 ක් ඉදිරිපත් කලා. නීතියේ ස්වභාවය පරිමාණය අරමුණු සියල්ල වෙනස් කළා. ඒ භාවිතා කරලා පළාත් සභා මැතිවරණය කල් දාලා අදත් මැතිවරණය නැහැ. ඊට විරුද්ධව මමත් අධිකරණයට ගියා. කතානායක වරයා වැරදි විදියට සිය දේශපාලන පක්ෂයේ පෞද්ගලික අභිමතාර්ථ වෙනුවෙන් යමක් කරාම ශ්‍රේෂ්ඨාධිකරණයට ගියා. ශේෂ්ඨාධිකරණය කිව්වේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ කතානායකතුමා අත්සන් කළ පසු ඒ සම්බන්ධයෙන් කිසිදු විමර්ශනයක් ශේෂ්ඨාධිකරණයට පැවැත්විය නොහැකි බව පැහැදිලිය කියන එකයිි. ඒ කියන්නේ යම් නීතියක් කතානායක වරයා අත්සන් තැබීමෙන් පස්සේ මේ පිළිබඳ විමසීමට කිසිදු පුද්ගලයෙකුට අවස්ථාවක් නැහැ. වැලයන අතට මැස්ස හදාගන්න බැහැ. එදා සිරිසේන මැතිතුමා වෙනුවෙන් පෙනී සිටි නීතිපතිවරයා එනම් වත්මන් අගවිනිසුරුවරයා සිරිසේන ජනාධිපතිවරයා වෙනුවෙන් කතානායක වරයා අත්සන් කරපු දෙයක් සම්බන්ධයෙන් කිසිදු විමර්ශනයක් පැවැත්විය නොහැකි බව ප‍්‍රකාශ කළා.

දැන් ඒ කතාව සම්පූර්ණයෙන් යටිකුරු කරලා ඊට හාත්පසින් වෙනස් තර්කයක් ඉදිරිපත් කරන්නේ කොහොමද. නැවත ශ්‍රේෂ්ඨාධිකරණය විමසන්න පුළුවන් ද. එක පුද්ගලයෙකුගේ අභිලාෂයන් සඳහා සියල්ල සම්පූර්ණයෙන් කණපිට හරවන්න පුළුවන්ද. නීතිය පිළිබඳ මහාචාර්යවරයෙක් විදියට මම අපේ රටේ පරම්පරා දෙකකට නීති අධ්‍යාපනය ලබා දුන්න ගුරුවරයකු විදිහට මම මෙහෙම කියනවා. ශ‍්‍රී ලංකා ශ්‍රේෂ්ඨාධිකරණය ජගත් කීර්තියට පත් ආයතනයක්. මේ ආයතන සියලූ දෙනාගේ ගෞරවයට භක්තියට පාත‍්‍ර වුණු ආයතනයක්. දැන් එය කෙළසන තත්ත්වයකට ඇවිත්. අපි ඒකට ඉඩ තියන්නේ නැහැ.

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම්වරයා කිව්වේ සිරිසේන ජනාධිපති වරයාගේ නිල කාලය දීර්ඝ කිරීම සඳහා අපි උසාවි යනවා. නමුත් අපි උසාවි යන්නේ දැන් ඉන්න අගවිනිසුරු ඉන්න කොට නෙවෙයි අලූත් අගවිනිසුරුවරයා වැඩ භාර ගැනීමෙන් පසුවයි. එහෙම කරන්න පුළුවන්ද. නලින් පෙරේරා විනිසුරු විශ‍්‍රාම යනතෙක් සිට අලූත් අගවිනිසුරුවරයෙක් පත් වූ විට සියලූම වැඩපිළිවෙළ ක‍්‍රියාත්මක කරන බවයි ඔහු සඳහන් කළේ. ශ්‍රේෂ්ඨාධිකරණය කීර්තිමත් ඉතිහාසය තුළ මෙවැනි විග‍්‍රහයක් කිසිවෙක් කරල නැහැ. ජනාධිපතිවරයාගේ නිල කාලය දීර්ඝ කර ගැනීමට මොනවාද නොකළේ. මිනිස්සු එල්ලන්න හැදුවා. මළමිනි හරහා බලයේ රැඳී ඉන්නේ උත්සාහ කළා. මොන ක‍්‍රමවේදයක් හරි කරලා දවසක් හරි බලයේ ඉන්න බලන්නේ.

Recommended For You

About the Author: Editor