Truth Story : මම සිටිනතාක් කල් මිල්කෝ විකුණන්නේ නෑ – අමාත්‍ය පී. හැරිසන්

මිල්කෝ සමාගමේ සාකච්ඡාව

මිල්කෝ සමාගම කිසිසේත් තම රජය තමන් සිටිනතාක් කල් විකුණාදැමීමට ඉඩ ලබානොදෙන බව තමන් වගකීමෙන් පවසන බව කෘෂිකර්ම, පශු සම්පත් සංවර්ධන, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය පී. හැරිසන් මහතා අද (08) අමාත්‍යාංශයේ පැවති මිල්කෝ සමාගමේ සාකච්ඡාවට එක්වෙමින් පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා – මේ සමගම විකිණීමේ අදහසකින් පසුවන්නේ බහුජාතික සමාගම්වලට කඩේ යන වෘත්තීය සමිති යැයි කියාගන්නා පිරිසක්. නමුත් මෙම සමාගම කිසිසේත් විකිණිමට අපි ඉඩතියන්නේ නෑ. මිලියන 09 ඉක්මවා ආදායමක් පවතින සමාගමක් ඇයි විකුණන්නේ යැයි හෙතෙම වැඩිදුරටත් කීය.

මිල්කෝ සමාගම ඉදිරියේදී විකුණා දමනවාද යන්නට එහි  සභාපති කීර්ති මිහිරිපැන්න මහතා පිළිතුරු ලබා දුන්නේය.

මිල්කෝ ආයතනය වසර 65ක් පමණ පැරණි ශ්‍රී ලංකා රජයට අයත් සමාගමක්. මෙම සමාගමේ සියලුම කොටස් මහා භාණ්ඩාගාරය සතුයි. දැනට ලංකාවේ සමස්ත කිරි නිෂ්පාදනයෙන් 30%ක් මිලදී ගන්නා එකම රාජ්‍ය ආයතනය මිල්කෝ සමාගමයි. මිල්කෝ සමාගම සම්බන්ධයෙන් මීට දින කිහිපයකට උඩදී ජාතික පුවත්පතවල පළවු ප්‍රවෘත්තියක් ගැන අපගේ සියලුම වෘත්තීය සමති මගෙන් විමසීමක් කළා.

ජාතික සේවක සංගමය, ශ්‍රි ලංකා නිදහස් සේවක සංගමය, ස්වාධීන සේවක සංගමය, තාක්ෂණ විධායක නිලධාරීන්ගේ සංගමය, වාණිජ කර්මාන්ත හා සේවක ප්‍රගතිශීලි සංගමය, සමස්ත කිරි නිෂ්පාදන කිරි කර්මාන්ත සේවක සංගමය යන සියලුම වෘත්තිය සමාගම්වල සභාපතිවරු සෘජුවම සහ සමහර ගොවි මහත්වරු අපෙන් මේ සම්බන්ධව විමසීමක් කළා. මීට අමතරව මිල්කෝ ගොවි මහත්වරු ගැන වෙනත් පාර්ශව මගෙන් විමසීමක් කළා.

මේ සම්බන්ධයෙන් සෘජු හා නිවැරදි පිළිතුර වුණේ මිල්කෝ ආයතනය පෞද්ගලීකරණය කිරිමට කිසිදු සුදානමක් හෝ සැලැස්මක් නොමැති බවයි. මේ සම්බන්ධයෙන් මගේ ගරු ඇමතිතුමාගේ ස්ථාවරය හා අධ්‍යක්ෂක මණ්ඩලයේ ස්ථාවරය වන්නේ මෙය රජය සතු සමාගමක් වශයෙන් භාණ්ඩාගාරයේ අධීක්ෂණය යටතේ සම්පුර්ණ රාජ්‍ය ආයතනයක් වශයෙන් ඉදිරියට පවත්වාගෙන යාමයි. මේ පිළිබඳ කිසිදු කුතුහලයක් කිසිම සේවකයෙක් විසින් හෝ අපිට කිරි සපයන 60,000ක් පමණ වන කිරි ගොවීන් විසින් හෝ පාරිභෝගික ජනතාව විසින් ඇතිකර ගතයුතු නැහැ. මෙය සම්පුර්ණයෙන්ම රාජ්‍ය ආයතනයක් වශයෙන් ඉදිරියටත් පවත්වාගෙන යාමට ගරු විෂයභාර ඇමතිතුමාගේ අධීක්ෂණය හා උපදෙස් මත අප අධ්‍යක්ෂ මණ්ඩලය කටයුතු කරන බව ඉතාමත් අවධාරණයෙන් කියා සිටිනවා.

මිල්කෝ ආයතනය විකුණනවා කියලා ජනතා විමුක්ති පෙරමුණේ සමිති නාමල් කරුණාරත්න මහතා පවසන කථාවේ සත්‍යතාවක් තියෙනවා යන්නට සභාපතිවරයා පිළිතුරු ලබා දුන්නේය. 

නැහැ. කිසිම සත්‍යතාවක් නැහැ. ඔවුන්ට කිසියම් දේශපාලන අරමුණක් ඇති. මිල්කෝ සමාගම කිරි නිෂ්පාදන ආයතනයක් වශයෙන් විශාලතම රාජ්‍ය ආයතනය. සමහර විට රජයට විරුද්ධව යම්කිසි මතයක් මෙම ක්ෂේත්‍රයේ ප්‍රකාශ කරන්න මිල්කෝ ආයතනය දඩමීමා කරගැනීමක් තමයි අපි දන්නේ. මේක අවසනාවන්ත තත්ත්වයක්. මිල්කෝ ආයතනය රාජ්‍ය ආයතනයක් නිසි අපි මේ තත්ත්වයට මීට කලිනුත් මුහුණ දුන්නා. 2017, 2018 දැන් එහෙම තත්ත්වයක් නැහැ.

ඇයි මිල්කෝ ආයතනය විකුණනවා කියලා ප්‍රචාරයක් යන්නේ යැයි ඊට සභාපතිවරයා මෙසේ පිළිතුරු ලබා දෙන ලදී.

ඒ ප්‍රචාරය පාර්ශවකරුවන්ගේ උවමනාවකට සිදුවන දෙයක් විදිහට මට පේනවා. මේ අවස්ථාවේදී යම් කිසි කථිකාවක් තියෙනවා විදේශීය කිරි පිටි ආනයනය  සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ මේ පිළිබද කථිකාවක් තිබ්බා. වෙනත් සමාගම්වල කථිකාවක් තිබුණා. අපිට සැකයක් මතු වෙනවා මේක ආනයනකරුවන්ගේ උවමනාවකට සිද්ද වෙන දෙයක් කියලා. මිල්කෝ සමාගම පරිහානියට පත් කරන්න.

මිල්කෝ සමාගම විකුණන්නේ නැහැ කියලා මම වගකීමෙන් කියනවා.

ඒක පැහැදිලිවම වගකීමෙන් කියන්න පුළුවන්. එහෙම සුදානමක් නැහැ. විශේෂයෙන් ගරු ඇමතිතුමාගේ අධීක්ෂණය යටතේ මෙහෙම දෙයක් හිතන්නවත් බැහැ.  මොකද එතුමා තමයි මේ ආයතනය බේරගත්තේ. කොළඹ කිරි කර්මාන්තශාලාව විකුණන්න හදනකොට රජය බලයට එක්වුණු ගමන්ම එතුමා කරපු දේ තමයි මේක බේරාගැනීම.

කිරි ගොවීන් සහ සේවකයන් නගා සිටුවන්න අපි පියවර රැසක් ගත්තා.    

සේවකයන් සම්බන්ධයෙන් කිසිම පුශ්නයක් නැහැ. සේවකයින් 1500ක් පමණ සිටිනවා. ආයතන 4ක ඔවුන් නියෝජනය වෙනවා. මේ රජය බලයට පත්වෙනකොට කිරි ලීටරයක් රු. 35ක් වගේ මිලකට 2015 ඉදන් අවස්ථා කිහිපයකදී  රු.67 දක්වා ගිහින් තිනෙවා. ඒ 67 සමහර කිරි ගොවීන්ගේ රු. 84 දක්වාත් ඉහළ යනවා. මොකද මේකට මිල සූත්‍රයක් තියෙනවා. මිල සූත්‍රය අනුව තමයි කිරි මිලදී ගැනීම සිදු වන්නේ. ඉතිං කිරි ගොවීන්ට විශේෂ මිලක් ලබා දෙන්න මේ රජය කටයුතු කරලා තියෙනවා. ඒ හින්දා රජයේ වැඩපිළිවෙල ඉතාමත් පැහැදිලියි. රජය මේ සම්බන්ධයෙන් සෘජු තිරණයක් අරගෙන තියෙනවා කිරි ගොවියා නගා සිටුවන්න. මිල්කෝ ආයතනය සංවර්ධනය කරන්න. ඒකේ එක පියවරක් විදිහට නවීකරණ  ව්‍යාපෘතියට රජය මුදල් ලබාදීලා  තියෙනවා රුපියල් බිලියන 05ක්. ඒ නවීකරණ ව්‍යාපෘතිය දැන් අවසන් වෙලා තියෙනවා. ඒ නවිකරණ ව්‍යාපෘතියෙන් අපිට කිරි ලීටර් ලක්ෂ 2ක් 2 ½ ක් තරම් වැඩිපුර ධාරිතාවක් ලැබිලා තියෙනවා. මෙම ව්‍යාපෘතිය 2021 දී අවසන් කරනවා. එම ව්‍යාපෘතියෙන් තව ලක්ෂ දෙකක කිරි ලැබෙනවා. එතකොට මේ රජය බලයට පත්වුණාට පස්සේ මිල්කෝ ආයතනයට පමණක් කිරි ලීටර් ලක්ෂ හතරාමාරේ ඉදන් ලක්ෂ 6ක් වෙනතෙක් අතිරේක ධාරිතාවක් ලබාදෙන්න රජය කටයුතු කරලා තියෙනවා.

ගරු අමාත්‍යතුමා මුල් අවස්ථාවේ දී අමාත්‍යවරයා වෙනකොට 2017 අගෝස්තු මාසයේදී අපි නවිකරණ ව්‍යාපෘතිය යටතේ කර්මාන්ත ශාලාවේ ධෘරිතාව වැඩි කළා. කිරි ලීටර් ලක්ෂ 2කින් අඹේවෙල කිරි කර්මාන්තශාලාවේ ධාරිකතාව ලක්ෂ 3 ½ ක් විතර වුණා. ඒ කාල පරිච්ඡේදය තුළ කිරි නිෂ්පාදන එකතු කිරිමේ ප්‍රගතියේ බාල වීමක් සිදු වෙලා තියෙනවා. දැන් ගරු ඇමතිතුමා පියවර අරන් තියෙනවා හැම මාසයකදී කිරි මිලදී ගන්නන්ගේ, සේවකයන්ගේ සංගමය මුණගැහිලා මේ කිරි රැස් කිරිම වර්ධනය කරන්න යැයි හෙතෙම වැඩිදුරටත් කීය.

මිල්කෝ ආයතනයේ උප සභාපති මොහොමඩ් ෆසාල් මහතා ද මෙහිදී අදහස් දැක්වීය.

මේ ආයතනය 2015 දී භාරගන්නාකොට කිරි එකතු කිරීමට මාසෙකට මිලියන 05ක් තිබුණා. ඒක 2018 වෙද්දි මිලියන 09 වෙනකන් වර්ධනය කළා. 2018 ඇමතිතුමා මාරුවුණාම මිලියන 09 ඉදන් මිලියන 05 වෙනකන් බැස්සා. නැවත ඇමතිතුමා ආවම මිලියන 07ක් වෙනකන් වැඩිවුණා. තව මාස 3, 4කින් මිලියන 09 දක්වා වැඩි කරනවා.

ඇමතිතුමා මේක සෘජුවම මැදිහත් වෙනවාද?

ඇමතිතුමා හැම මාසෙම රැස්වීම් තියෙනවා. ඒක නිසයි කිරි එකතු කිරීම වැඩි වුණේ.

මිල්කෝ එක විකුණනවා කියලා ප්‍රචාරයක් යනවා ඒ ගැන මොකද කියන්නේ ?

මිල්කෝ ආයතනය දැන් හැම මාසෙකම බිලියනයක විකුනුම් කරනවා. ලොකු ලාභයක් ලැබෙනවා. ලාභයක් ලැබෙන ආයතනයක් රජය විකුණයි කියලා මම හිතන්නේ නැහැ. බඩල්ගම අලුත් කර්මාන්ත ශාලාවක් හදනවා. දවසකට ලීටර් ලක්ෂ 4 ගාණේ එකතු කිරීම වැඩිකරන්නයි හදන්නේ. ඒ නිසා මේක විකිණීමේ අවශ්‍යතාවක් නැහැ.

කිරි ගොවින් මැසිවිලි නගනවා කිරිවලට සල්ලි ලැබෙන්න මාසයක් එකහමාරක් යනවා කියලා. එහි වර්තමාන තත්ත්වය කුමක්ද ?

ඒක ඇත්ත. අපේ ඇමතිතුමා මාරු වුණාට පස්සේ කිරිවල සල්ලි දෙන්න පරක්කු වුණා. නැවත ඇමතිතුමා ආවට පස්සේ දැන් කිරි ගොවියන්ට සතියකින් සල්ලි ගෙවනවා.

මිල්කෝ ආයතනය දෛනිකව පාසල් දරුවන්ට කිරි වීදුරුවක් ලබා දෙනවා. ඒකේ ප්‍රගතිය කොහොමද?

මුලින්ම අපි ළමයින්ට පැකට් ලක්ෂ 03ක් දුන්නා. දැන් ලක්ෂ 08ක් දෙනවා. අපි බලාපොරොත්තු වෙනවා මේ අවුරුද්ද ඉවර වෙන්න කලින් ලක්ෂ 14කට දෙන්න.

දැන් බඩල්ගමත් කර්මාන්තශාලාවක් අරඹනවා. සේවකයන් නඟා සිටුවන්න ගන්න පියවර මොනවාද ?

දැන් සේවකයන් 1500ක් ඉන්න්වා. අලුතින් සේවකයෝ ගන්නවා.එතකොට ඒ ප්‍රදේශයේ ජනතාවට රැකියා අවස්ථා ලැබෙනවා.

මිල්කෝ සමාගමේ 2015 සිට 2018 දක්වා ප්‍රගතිය කොහොමද ?

2015දී දිනකදි එකතු කිරීම තිබුණේ ලක්ෂයයි. 2017දී ලක්ෂ 03 වෙනකන් වැඩි වුණා. අඹේවෙල කර්මාන්තශාලාවේ ඉස්සර නිෂ්පාදනය කරන්න පුළුවන් දවසකට ලක්ෂයයි. ඇමතිතුමා ආවට පස්සේ බිලියන 06ක් වියදම් කරලා අළුත් යන්ත්‍ර සවි කරලා දැනට අඹේවෙලින් ලක්ෂ 3 ½ වෙනකල් කිරි නිෂ්පාදනය කරන්න පුළුවන්.

බඩල්ගම නව කර්මාන්තශාලාව පිහිටු වීමෙන් පසු කිරි නිෂ්පාදනය කොපමණ වැඩි වෙනවාද ?

ලබන ජනවාරියේ බඩල්ගම කර්මාන්තශාලාව පටන් ගත්තොත් දවසකට ලක්ෂ 4 ½ වෙනකන් නිෂ්පාදනය කරන්න පුළුවන්. අඹේවෙල, පොළොන්නරුව, දිගන, බඩල්ගම කර්මාන්තශාලාවලින් දවසකට ලීටර් ලක්ධ 08ක් නිෂ්පාදනය කරන්න පුළුවන්. එතකොට  පරිභෝජන අවශ්‍යතාවයෙන් 80%ක් සපුරන්න පුළුවන්. අවුරුදු 05ක් වෙනකොට ලංකාවටම අවශ්‍ය සම්පුර්ණ කිරි නිෂ්පාදනය කරන්න පුළුවන් යැයි ෆසාල් මහතා වැඩි දුරටත් කීය.

මිල්කෝ ස්වාධීන සේවක සංගමයේ සභාපති සෝමසිරි රණසිංහ මහතා

ප්‍රශ්නය :

මිල්කෝ ස්වාධීන සේවක සංගමයේ සභාපති වශයෙන් ඔබලාගේ සංගමය මෙම ආයතනය විකිණීමට ඉඩ දෙනවාද?

පිළිතුර :

මිල්කෝ ආයතනය කියන්නේ අප රටේ ජනතාව සතු සම්පතකි. එය ජනතාව වෙනුවෙන් රැකගැනීම තමයි අපගේ වගකීම. ඒ නිසා එය විකිණීමට කිසිසේත්ම අපි ඉඩදෙන්නේ නැහැ. එය විකුණන බවත් ආයතන කළමනාකාරීන් අපට දන්වලත් නැහැ.

ප්‍රශ්නය :

එසේ නම් පසුගිය දිනවල පුවත්පත් වල මිල්කෝ ආයතනය විකිණීමට යන බවක් කියා තිබුනා නේද? මෙම පළවී තිබුණු ප්‍රවෘථ්ති වල පදනම කුමක් ද?

පිළිතුර :

මෙම පුවත්පත් වාර්තා අපිත් දැක්කා. මේ පිළිබඳව අප ආයතන කළමනාකාරිත්වයෙන් විමසීමක් කළා. ඔවුන් අපට පැවසූවේ මෙහි කිසිම සත්‍යතාවක් නැති බවයි. ඒ නිසා කවුරු කුමන පදනමකින් ප්‍රකාශ නිකුත් කළත් මෙම අවස්ථාවේ කළමනාකාරීත්වය අප සංගමයට ලබාදුන් සහතිකය මත විශ්වාසය තබනවා.

ප්‍රශ්නය :

ආයතනයේ වර්තමාන ප්‍රගතිය ගැන ඔබ සංගමය සෑහීමකට පත් වෙනවාද?

පිළිතුර :

ඇත්තටම මේ වන විට දෛනිකව කිරි ලීටර් ලක්ෂ 03 ක් පමණ අප ආයතනයට ලැබෙනවා. නමුත් එම ප්‍රමාණයත් අප ආයතනයට මදි. අපගේ ආයතනයට එච්චර කිරි ලැබිලත් පිටිසර පළාත් වල අපගේ නිෂ්පාදන වෙළඳපලේ අඩුයි. ඒකට හේතුව තමයි ප්‍රමිතියෙන් උසස් කිරි පමණක් අප ආයතනයට ලබාගෙන ජනතාවට ලබාදෙන හින්දා.

නමුත් රටේ ජනතාව දැනුවත් වෙන්න ඕනේ අපි දෛනිකව කිරි ලීටර් ලක්ෂ 03 ක් පමණ ගොවිජයන්ගෙන් ලබාගෙනත් රටේ සෑම පළාතකම අපගේ නිෂ්පාදන දෙන්න බැරුව තියෙද්දී බහු ජාතික සංගම් වලට සම්බන්ධ වෙලා ඉන්න ගොවියන්ගෙන් දෛනිකව කිරි ලීටර් 50,000 ටත් අඩු ප්‍රමාණයක් ලබාගන්නා ආයතන වල නිෂ්පාදන පිටපළාත් වල හැම කඩයකම වගේ තියෙනවා. එතකොට ජනතාවට මේ කිරි කියලා පොවන්නේ මොනවාද කියලා රජය මඟින් මෙන්ම මාධ්‍ය මඟින් මේ ජනතාව දැනුවත් කළ යුතුයි.  බහු ජාතික සමාගම් හදන නිෂ්පාදන වල තියෙන්නේ මොනවාද කියලා ජනතාවට කියා දිය යුතුයි.

මේ දින වල වැඩිහරියක් තියෙන්නේ නියම ප්‍රෝටීන් හා මේදය වෙනුවට ෆාම් තෙල් හා ඌරු තෙල්. පාරිභෝගික අධිකාරියෙන් මේ පිළිබඳ ජනතාව දැනුවත් කළ යුතුයි.

ඒ නිසයි නියමිත ප්‍රමිතියට හදන අපගේ නිෂ්පාදන ආයතනය රැකගන්න ඕන කියන්නේ. ඒ අරමුණ ඇතුව තමයි අපගේ ස්වාධීන සේක සංගමය කටයුතු කරන්නේ.

ජාතික සේවක සංගමයේ ලේකම් යූ.ජී.එම් ප්‍රේමරත්න

ප්‍රශ්නය :

ජාතික සේවක සංගමය හැටියට ඔබලා මිල්කෝ ආයතනය විකුණන්න දෙනවාද?

පිළිතුර :

කිසිසේත්ම නැහැ. විශේසයෙන් කියන්න ඕනා අපගේ රජය එහෙම නැත්නම් ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාත් විෂයභාර අමාත්‍ය පී. හැරිසන් මහතාත් මෙම ආයතනය දිනෙන් දින දියුණුවට පත්කරන්න කටයුතු කරනවා මිස මිල්කෝ ආයතනය පෞද්ගලික කිරීමේ සැලසුමකට කිසිසේතම නොයන බව වගකීමෙන් අප සංගමය මේ මොහොතෝ පවසා සිටිනවා.  අපිට දැඩි විශ්වාසයක් තියෙනවා 2015 වසරේ යහපාලන රජය බලයට පත්වෙනවාත් එක්කම පෙර රජය යටතේ මිල්කෝ සමාගම ඉතා භයානක තත්ත්වයකයි තිබුනේ. අපගේ නාරාහේන්පිට කර්මාන්ත ශාලා භූමිය ඒ වන විටත් විකිණීමට සූදානම් කර තිබුණා. 2015 අපගේ විෂයභාර අමාත්‍ය පී. හැරිසන් මහතා විකිණීමට නියමිතව තිබූ නාරාහේන්පිට ආයතන භූමිය කැබිනට් පත්‍රිකාවක් මඟින් අවලංගු කළ එකයි.

ඊට පසුව අපගේ ආයතනය තුළ තිබූ අඩුපාඩු සියල්ල පසුරා අපගේ ආයතන දියුණු කරමින් කිරි එකතුකිරිම. නිෂ්පාදන ධාරිතාවය, අලෙවිය ඉතාමත් ඉහළ තත්ත්වයකට ගේනන කැපවීමෙන් කටයුතු කළා. නොබෝ කලකින් අප ආයතනය ඉදිරියට ගෙනආවා.

ඒ නිසා අපට දැඩි විශ්වාසයක් තියෙනවා අපගේ රජය යටතේ මේ ආයතනය විකුණන්නනේ නැති බව.

ප්‍රශ්නය :

මෙම ආයතනයේ ප්‍රගතිය පිළිබඳ ඔබලා සෑහීමකට පත්වෙනවාද?

පිළිතුර :

නව කළමනාකාරීත්වය පිළිබඳව අප සංගමය සෑහීමකට පත්වී තිටිනවා. එම ආයතනය හැරිසන් ඇමතිතුමා භාරගත්තාට පස්සේ අපගේ සභාපති තුමා සහ අධ්‍යක්ෂ මණ්ඩලය පත්කරලා සෑම මසකම ආයතනයේ දියුණුව පිළිඳව ප්‍රගති සමාලෝචනයක යෙදනවා. ඒවාට අපිවත් සහභාගී කෙරෙවුවා. එහිදී අමාත්‍යතුමාගේ ඉලක්ක වුනේ කිරි ගොවියා නඟා සිටුවීම හා පාරිභෝගිකයාට හොඳ නිෂ්පාදන ලබාදීමත් යන කාරණා දෙකයි. එහිදී ආයතනය ගතයුතු ක්‍රියාමාර්ග අරගෙන කිරි ගොවියාට නියමිත දිනට තම නිෂ්පාදන වල මුදල් ලබාදීම මඟින් වැඩි කිරි ප්‍රමාණයක් ඔවුන්ගෙන් ලබාගැනීම තමයි අරමුණ වුණේ. එම ක්‍රියාමාර්ග ගත් පසු දෛනිකව කිරි ලීටර් 1,70,000 කට තිබූ කිරි ප්‍රමාණය 2,10,000 ක් දක්වා අප ආයතනයට ලබාගැනීමට හැකිවුණා. මීට ආමතරව අඹේවෙල නව කර්මාන්තශාලාව ආරම්භ කළා සේම තව නොබෝ කාලයකින් බඩල්ගම මිල්කෝ නව කර්මාන්ත ශාලාවක් අපගේ අමාත්‍යතුමා යටතේ විවෘත කිරීමට නියමිතයි. ඒ නිසා අප රජය යටතේ අපගේ ආයතන දියුණුවට පත්කිරීමට ගරු අගමැතිතුමා අපගේ විෂය භාර අමාත්‍යතුමාත් කටයුතු කරන බව අපට විශ්වාසයි.

Recommended For You

About the Author: Editor