වැලිකඩ රැඳවියන් 27ක් ඝාතන නඩුව ජූලි 18 සිට එක දිගට විභාගයට

ආන්දෝලනාත්මක වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටි රැඳවියන් 27 දෙනෙකු වෙඩි තබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණයේ පවරා ඇති නඩුව ජූලි 18 වැනි දින කැඳවීමටත් ඉන්පසු එම නඩුව එක දිගට විභාගයට ගැනීමටත් විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණ තීරණය කර ඇතැයි වාර්තාවේ.

නීතිපති දප්පුල ද ලිවේරා මහතා අගවිනිසුරුවරයාගෙන් කරන ලද ඉල්ලීමකට අනුව මෙම නඩුව විශේෂ මහාධිකරණයේ විභාගයට නියමිතය.

මෙම නඩුව විභාග කිරීම සදහා අගවිනිසුරුවරයා විසින් ගිහාන් කුලතුංග ල ප්‍රදීප් හෙට්ටිආරච්චි හා මංජුල තිලකරත්න යන මහාධිකරණ විනිසුරුවන් පත්කර ඇතග

එවක පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ කටයුතු කළ පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීව, එවක මැගසින් බන්ධනාගාරයේ අධිකාරිවරයා ලෙස කටයුතු කළ එමිල් රන්ජන් ළමාහේවා හා බන්ධනාගාර බුද්ධි ඒකකයේ කටයුතු කළ ඉන්දික සම්පත් යන චූදිතයන්ට එරෙහිව එම නඩුව විභාග වන අතර ඉන්දික සම්පත් නමැත්තා මෙම නඩුව මගහැර සිටී.

මෙම නඩුව විභාග කිරීම සදහා අගවිනිසුරුවරයා විසින් ගිහාන් කුලතුංග, ප්‍රදීප් හෙට්ටිආරච්චි හා මංජුල තිලකරත්න යන මහාධිකරණ විනිසුරුවන් පත්කර ඇත.

Recommended For You

About the Author: Editor