
2019 අපොස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන්ගේ සියලු ජාතික හැඳුනුම්පත් ලබන සැප්තැම්බර් මාසය වන විට නිකුත් කර අවසන් කරන බව පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් වියානි ගුණතිලක මහතා සඳහන් කරයි.
සාමාන්‍යයෙන් වසරකට සාමාන්‍ය පෙස සිසුන් වෙනුවෙන් ජාතික හැඳුනුම්පත් 350,000කට ආසන්න සංඛ්‍යාවක් නිකුත් කරන බවකී වියානි ගුණතිලක මහතා මේ වන විට අයදුම්පත්වලින් සියයට 90ක් පමණ ලැබී ඇති බව ද සඳහන් කළේය.
මේ අතර එක් දින සේවයද ඇතුළු හැඳුනුම්පත් නිකුත් කිරීමේ සියලු සේවා අද (08) සිට සාමාන්‍ය පරිදි ක්‍රියාවට නංවන බවද වියානි ගුණතිලක මහතා පැවසීය.