ඉල්ලා අස්නොවී මැතිවරණයට සූදානම් වන ලෙස අගමැති මැකොගෙන් ඉල්ලයි

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා අතර හමුවක් අද (9) පාර්ලිමේන්තු සංකීර්ණයේ දී සිදු වුණා.

හමුවට හේතුව වුණේ මහින්ද දේශප‍්‍රිය මහතා පසුගිය දා කළ ප‍්‍රකාශයක් බවයි වාර්තා වන්නේ.

තමා මැතිවරණ කොමිසමේ සභාපති ධුරයෙන් ඉල්ලා අස්වීමට සූදානම් බවට දේශප‍්‍රිය මහතා පසුගියදා කළ ප්‍රකාශය සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරයා මෙහිදී සාකච්ඡු කර තිබෙනවා.

පවතින තත්ත්වය හමුවේ එසේ ඉල්ලා අස්වීම යෝග්‍ය නොවන බව පෙන්වා දුන් අග්‍රාමාත්‍යවරයා එය නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්වීමට බලපෑමක් වනු ඇති බවයි පෙන්වා දී ඇත්තේ.

පවතින තත්ත්වය හමුවේ ධුරයෙන් ඉල්ලා අස් නොවී මැතිවරණය පැවැත්වීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙස ද අගමැතිවරයා දේශප‍්‍රිය මහතාගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

Recommended For You

About the Author: Editor