
පැය 24ක වර්ෂාපතනයක් පැයක කාලයක් තුළ ඇද හැලීම හේතුවෙන් ඇමෙරිකාවේ වොෂින්ටන් අගනුවර ගංවතුර තත්ත්වයක් හට ගෙන තිබෙනවා.
පැයක් තුළ මිලිමීටර් 84 ක වර්ෂාපතනයක් වොෂින්ටන් අග නගරයට ඇද හැලී තිබෙන බවයි වාර්තා වන්නේ. මේ අධික වර්ෂාපතනය හේතුවෙන් ධවල මන්දිරය ඇතුළත ඇතැම් ස්ථානවලටද ජලය කාන්දු වි ඇති බව ද ඇමෙරිකානු මාධ්‍ය වාර්තා කරනවා.