නවතම ශ්‍රේණිගත කිරීම් අතර ලංකාව 08 වැනි තැනට

ලෝක කුසලානය දිනාගෙන එන්න එංගලන්තෙට ගිය ශ‍්‍රී ලංකා කණ්ඩායම ගියාටත් වඩා වේලාසනින් ගෙදර ආවා. මේ කියන්නේ ඇත්තටම සතුටින් නෙමෙයි හරිම දුකින්. අපි බලාගෙන හිටියේ අවම වශයෙන් අද (9) පැවැත්වෙන තරගෙට හෝ ශ‍්‍රී ලංකාව ක‍්‍රීඩා කරයි කියලා.


දැන් ගිය දේ ගිහින් ඉවරයි. ඊයේ (8) පැවැති මාධ්‍ය හමුවේදී වුණත් අලූත් දෙයක් වෙයි කියලා හිතන්න බැරි තැනට තමයි කරුණු යෙදුණේ. ලංකාවේ ක‍්‍රිකට් නංවන්න නෙමෙයි රැුකගන්න මාලිංග ඇතුළු ප‍්‍රවීනයින් ඉදිරිපත් කළ යෝජනාවලට වෙන දේ ගැන දැන් නම් පැහැදිලියි. මේ නිලධාරී සහ බලධාරී නඩය ඉන්නකම් ලංකාවේ ක‍්‍රිකට් ගොඩදානවා කියන එක හීනයක් බවයි දන්න කියන අය නම් කියන්නේ.

ඒ කොහොම වුණත් පසුගිය 7 වැනිදා ජාත්‍යන්තර ක‍්‍රිකට් කවුන්සිලය විසින් නවතම ශ්‍රේණිගත කිරීම් නිකුත් කළා. ඒ අනුව ලංකාවට හිමිවෙන්නේ 08 වැනි තැනයි. ලෝක කුසලානේ පළමු වටයේ 06 වැනි තැන හිටිය ශ‍්‍රී ලංකා කණ්ඩායම තවත් දවස් දෙක තුනකින් අංක දෙකකින් පල්ලම් බැස්සේ ඇයි කියලා හිතා ගන්න කාටත් පුළුවන් වෙයි.

ඒත් ‘අඳුරු වළා අස්සේ රිදීවළා’’ කිව්වා වාගේ ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම් අතරේ ඇන්ජිලෝ මැතිව්ස්, අවිශ්ක ගුණවර්ධන සහ ලසිත් මාලිංග ඉදිරියට ඒමට සමත් වෙලා තියෙනවා. ඒ අනුව ඇන්ජිලෝ මැතිව්ස් පිතිකරු ලැයිස්තුවේ 34 වැනි ස්ථානයත්, අවිශ්ක ප‍්‍රනාන්දු පිතිකරු ලැයිස්තුවේ 85 වැනි ස්ථානය (110සිට) දක්වාත් ගමන් කර තිබෙනවා. තිසර පෙරේරා 86 වැනි ස්ථානයේත්, කුසල් පෙරේරා 59 වැනි ස්ථානයේත් පසුවෙනවා.

පන්දු යවන්නනගේ ලැසිය්තුවේ ලසිත් මාලිංග 33 වැනි ස්ථානය දක්වා වර්ධනයක් වාර්තා කරලා තිබෙනවා.

මේ ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම් ලැයිස්තුව ලබන කොට ලංකාවට කිසිසේත් සෑහීමට පත් වෙන්න බැහැ. මොකද මීට කලකට පෙර පිතිකරු සහ පන්දු යවන්නන්ගේ ලැයිස්තුවේ ඉදිරියෙන්ම ලංකාවේ ක‍්‍රීඩකයින්ගේ නම් සඳහන් වුණා.

මේ තත්ත්වයෙන් කඩිනමින් ගොඩඒමට ලංකාව සමත් නොවුණොත් බංග්ලාදේශය වගේම නවක ඇෆ්ගනිස්ථානයත් අපිව පසුකරලා යන එක නම් සිකුරුයි.

සටහන – කසුන් ප‍්‍රබෝධ සමරවීර

Recommended For You

About the Author: Editor