යුද්දෙන් බැටකන යේමනයේ 440,000කට කොළරාව

පසුගියදා යේමනයට බලපෑ ගංවතුර තත්ත්වයත් සමග කොළරා රෝගය ව්‍යාප්ත වීම හේතුවෙන් යේමනයේ කොළරා රෝගීන් 440,000ක් පමණ පිරිසක් වාර්තා වී ඇතැයි එක්සත් ජාතින්ගේ කියනවා.

මාස හයක පමණ කාලයක් තුළයි මේ පිරිස වාර්තා වී තිබෙන්නේ. රෝගීන්ගෙන් ලක්ෂ දෙකකට ආසන්න පිරිසක් ළමුන් බවත් කොළරා රෝගය වැළදීම හේතුවෙන් දරුවන් 193 දෙනෙකු සහ වැඩිහිටි රෝගීන් 705 දෙනෙකු මියගොස් ඇති බවත් එක්සත් ජාතීන්ගේ වාර්තාවේ සඳහන්.

අභ්‍යන්තර සිවිල් යුද්ධයකින් බැට කන යේමනයේ සෞඛ්‍ය සේවා ඇතුළු සියලූ අත්‍යවශ්‍ය සේවා බිඳ වැටී ඇති අතර රට තුළ අරාජිකත්වයක් නිර්මාණය වී තිබෙනවා. මේ තත්ත්වය ද කොළරා රෝගය ව්‍යාප්ත වීමට ප‍්‍රබල හේතුවක් වී තිබෙනවා

Recommended For You

About the Author: Editor