
යුරෝපා සංගමයේ ප්රතිත්රස්ත කටයුතු සම්බන්ධීකාරක ජීල් ද කෙයෂොව් මහතා හෙට (11) දිවයිනට පැමිණෙනවා. කෙයෂොව් මහතා දින හතක කාලයක් ශ්රී ලංකාවේ හා මාලදිවයිනේ සංචාරය කිරීමට සැලසුම්කර තිබෙන යුරෝපා සංගමය සඳහන් කරනවා.
ඒ අනුව කෙයෂොව් මහතා සිට ලබන 16 වනදා දක්වා මෙම සංචාරයේ නිරතවන බවයි යුරෝපා සංගමය සඳහන් කරන්නේ. ශ්රී ලංකාවේ හා මාලදිවයිනේ ආරක්ෂාව තර කිරීමේ උත්සාහයන්ට සහ අත්දැකීම් හුවමාරුකර ගැනීම සදහා වඩාත් සුදුසු පසුබිමක් නිර්මාණය කර ගැනීමට සහාය වීම මෙම සංචාරයේ අරමුණ බවත් සම්බන්ධීකාරකවරයා ආණ්ඩු පක්ෂයේ හා විපක්ෂයේ නියෝජිතයන් හමුවීමට ද සැලසුම්කර ඇති බවත් යුරෝපා සංගමය වැඩි දුරටත් සඳහන් කරනවා.