රටට වින කරන ගිවිසුම්වලට ඉඩක් නැහැ – ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ

පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් තොරව රටට වින කරන ජාත්‍යන්තර ගිවිසුම් අත්සන් කිරීමට කිසිසේත්ම ඉඩ නොතබන බව ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසයි.

අද (10) පෙරවරුවේ කොළඹ නෙළුම් මාවතේ පොදුජන පෙරමුණු ප‍්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී මේ බව අවධාරණය කළේය.

රටට වින කරන ජාත්‍යන්තර ගිවිසුම් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමකින් තොරව අත්සන් කිරීමට නොහැකි බවට යෝජනාවක් ඉදිරි දින කිහිපය තුළ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට පොදුජන පෙරමුණ තීරණය කොට තිබේ.

එම යෝජනාව මගින් සම්පූර්ණ ගිවිසුම් අවලංගු කිරීමට නොහැකි වුවත් ඒවායේ පවතින රටට අහිතකර වගන්ති ඉවත්කර සංශෝධනය කර ගැනීමට උත්සහ කරන බව මේ අවස්ථාවට සහභාගී වූ පාර්ලිමේන්තු මන්ත‍්‍රී අනුරාධ ජයරත්න මහතා වැඩි දුරටත් සඳහන් කළේය.

මෙහිදී අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත‍්‍රී අනුර ප‍්‍රියදර්ශන යාපා මහතා සඳහන් කළේ වත්මන් රජය ඇමරිකාව සමග එලඹීමට නියමිත ගිවිසුම් අත්සන් කිරීම වළක්වා ගැනීම සඳහා හැකි සෑම පියවරක්ම ගන්නා බවයි.

ස්වාධීණ ස්වෛරී රාජ්‍යක් වෙනුවෙන් සිංහල දෙමල මුස්ලිම් බර්ගර් ජාතීන්ට අයත් ශ‍්‍රී ලාංකික ජාතිය රැුකගැනීම සඳහා ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ අනාගත සුභ මාවතට පිවිස ඇතැයි ඒ මහතා වැඩිදුටත් සඳහන් කළේය.

මැතිවරණ කාලය තුළ විවිධ බලවේග විසින් විවිධ ජාතිවාදී මාතෘකා කරළියට ගෙන ආවද රටේ ආරක්ෂාව, ආර්ථික ගොඩනැගීම සහ තරුණ පරම්පරාවේ අනාගතය උදෙසා පොදු ජනතාව එක තීන්දුවකට ආයුතු බව මෙම මාධ්‍ය හමුවට සහභාගී වූ සී බී රත්නායක මහතා අවධාරණය කළේය.

Recommended For You

About the Author: Editor