රුහුණු සරසවි සිසු – අනධ්‍යන සේවක ගැටුමෙන් සරසවිය වැසේ

රුහුණු සරසවි සිසුන් සහ අනධ්‍යන සේවකයින් අතර ඇතිවූ නොසන්සුන්කාරී තත්ත්වයක් හේතුවෙන් එම විශ්වවිද්‍යාලයේ වැල්ලමඩම පරිශ්‍රයේ සියලු පීඨ දින නියමයක් නොමැතිව වසා දැමීමට තීරණය කළ බව රුහුණු විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය සුජීව අමරසේන මහතා ප්‍රකාශ කළා.

අද දින පෙරවරුවේ රුහුණ විශ්වවිද්‍යාලයේ ඇතිවූ ගැටුමකින් සිසුන් දස දෙනෙකු ඇතුළු 13 දෙනෙකු තුවාල ලැබුවා.

අනධ්‍යයන සේවකයින් හා මහා ශිෂ්‍ය සංගමයේ සිසුන් අතර මෙම ගැටුම් ඇතිවූ බවයි වාර්තා වන්නේ.

ගැටුමෙන් සිසුන් දස දෙනෙකු අනධ්‍යයන සේවකයින් දෙදෙනෙකු හා ආරක්ෂක අංශ නිලධාරියෙකු තුවාල ලබා මාතර මහ රෝහලට ඇතුළත් කර තිබුණා.

විශ්වවිද්‍යාල පරිශ්‍රය තුළ ආරක්ෂාව තරකර ඇති බව රුහුණු විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය සුජීව අමරසේන මහතා ප්‍රකාශ කරනවා.

Recommended For You

About the Author: Editor