
හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාව ද පාස්කු ඉරිදා කාරක සභාව හමුවට කැඳවීම පිළිබඳව අවධානය යොමුව ඇතැයි සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා අද (10) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.
ගෝඨාභය රාජපක්ෂ මහතා ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් පදවිය දරන සමයේදී පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයේ ප්‍රධානියා වන ජාතික තවුහික් ජමාත් නායක සහරාන් හෂීම්ට වැටුප් ගෙවා තිබීම සම්බන්ධව රාජපක්ෂ මහතාගෙන් සාක්ෂි විමසිය යුතුය යන අදහසක් ඇති හෙයින් රාජපක්ෂ මහතාව පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවට ගෙන්වීමට අවධානය යොමුවී ඇති බවයි කිරිඇල්ල මහතා කියා සිටියේ.
මෙම ප්‍රහාරය පිටුපස තිබූ සත්‍ය තත්ත්වය දැන ගැනීමට ජනතාවට අයිතියක් තිබෙන බව කී කිරිඇල්ල මහතා ජනාධිපතිවරයාට හා අගමැතිවරයාට විශේෂ කාරක සභාව විසින් කැඳවීමක් කළහොත් ඔවුන් දෙදෙනා ද එම අවස්ථාවට මුහුණ දිය යුතු බවත් සඳහන් කළේය.