හේමසිරිට සහ පූජිත්ට ඇප දුන්නාට එරෙහිව නීතිපතිගෙන් අභියාචනයක්

හිටපු ආරක්‍ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ අනිවාර්ය නිවාඩු ගන්වා සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර යන මහත්වරුන්ට ශරීර ඇප නියම කරමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය දුන් නියෝගයට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කිරීමට නීතිපතිවරයා තීරණය කර ඇතැයි නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනී රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥ නිශාරා ජයරත්න මෙනෙවිය සඳහන් කළාය.

අදාළ නියෝගයේ පිටපතක් ඉල්ලා ඇතත් මේ දක්වා එම පිටපත නොලැබුණු බවත් පිටපත ලද වහාම ඒ පිළිබඳව අධ්‍යයනය කර ඒ සම්බන්ධයෙන් නොපමාව අභියාචනයක් ඉදිරිපත් කිරීමට අපේක්‍ෂා කරන ඇය වැඩි දුරටත් සඳහන් කළාය.

Recommended For You

About the Author: Editor