AL විභාගය අගෝස්තු 05 දා ඇරඹේ

2019 අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය (AL) අගෝස්තු මස 05 වැනිදා ආරම්භ කරන බව විභාග කොමසාරිස් ජනරාල් සනත් බී. පුජිත මහතා සඳහන් කළේය.

මධ්‍යස්ථාන 2678 කදී විභාගය ලබන මස 31 වැනිදා දක්වා පැවැත්වෙනු ඇති බවත් සඳහන් කළ විභාග කොමසාරිස් ජනරාල්වරයා මෙවර විභාගය සඳහා පෙනී සිටින සමස්ත අයඳුම්කරුවන් සංඛ්‍යාව 337,704ක් බවත් ඒ අතුරින් පැරණි නිර්දේශය යටතේ අයදුම්කරුවන් 139,475 දෙනෙකු සහ නව නිර්දේශය යටතේ අයදුම්කරුවන් 198,229 දෙනකු විභාගයට පෙනී සිටින බව සඳහන් කළේය.

අපේක්ෂකයින්ට විභාග ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම ඉදිරි සති දෙක ඇතුළත සිදු කරන බව ද ඔහු වැඩි දුරටත් සඳහන් කළේය.

Recommended For You

About the Author: Editor