
ජනතා විමුක්ති පෙරමුණ විසින් ආණ්ඩුවට එරෙහි ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාව පිළිබද දෙමළ ජාතික සන්ධානයේ අවසන් තීරණය හෙට (11) පෙරවරු 10.00ට පැවැත්වෙන පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමේදී ගන්නා බව එම සන්ධානයේ මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ සුමන්තිරන් මහතා පැවසීය.
මේ අතර දෙමළ දේශපාලන පක්ෂ ආරංචි මාර්ග සඳහන් කරන්නේ දෙමළ ජාතික සන්ධානය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීන් 14 දෙනා අතර විවිධ අදහස් ගොඩනැගී ඇති බැවින් ටෙලෝ සංවිධානය නියෝජනය කරන මන්ත්‍රීන් දෙදෙනාඇතුළු මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු විශ්වාසභංගයට සහාය දැක්වීමේ හෝ මධ්‍යස්ථව සිටීමේ හැකියාවක් ඇති බවයි.
පසුගිය දා පැවැති දෙමළ ජාතික සන්ධානයේ මහා සම්මේලනයේදී අනුමත කරගත් ඉල්ලීම් පිළිබඳව ආණ්ඩුවට කරුණු ඉදිරිපත් කර ඇති නමුත් දෙමළ ජනතාවගේ ගැටලූ නිසි ලෙස විසඳීමට අසමත්වීම, දෙමළ ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී නොසිටීමත් හේතුවෙන් වත්මන් ආණ්ඩුව කෙරෙහි දෙමළ ජනතාවගේ විශ්වාසය පළුදු වී ඇති තත්ත්වයක් තුළ තව දුරටත් ආණ්ඩුවට සහාය දැක්වීම කල්පනාකාරීව ගත යුතු තීරණයක් බව මේ සම්බන්ධයෙන් සමග අදහස් දැක්වූ දෙමළ ජාතික සන්ධාන මන්ත්‍රීවරයෙක් සඳහන් කළේය.
ඒ කෙසේ වෙතත් මේ අවස්ථාවේ සුපුරුදු ලෙස තම පක්ෂයේ බහුතර මන්ත්‍රීවරු පිරිසකගේ සහාය ආණ්ඩුවට හිමිවනු ඇති බව ද ඔහු වැඩි දුරටත් සඳහන් කළේය.