ඉරාජ්ගේ facebook පිටුව රජයෙන් ඉවත් කිරීමක් සිදුකොට නැහැ-ITSSL

facebook මාර්ගෝපදේශන අවභාවිතාවක් ලංකාවේ සිදුවෙනවා

ජනප්‍රිය ගායක ඉරාජ් වීරරත්නගේ නිල ෆේස්බුක් පිටුව රජය විසින් ඉවත්කිරීමක් සිදුවී නොමැති අතර ඔහුගේ පිටුව පිලිබදව ෆේස්බුක් පරිශීලකයන් හෝ වෙනත් යම් කණ්ඩායමක් විසින් දිගින් දිගටම ෆේස්බුක් වෙත සිදුකරන ලද වාර්තාකිරීම් වල ප්‍රතිපලයක් ලෙස ෆේස්බුක් ආයතනයෙන් එම පිටුව ඔවුන්ගේ මාර්ගෝපදේශනයන් පිළිනොපදින පිටුවක් යැයි සලකා එම පිටුව Unpublish කිරීමට කටයුතු කර ඇත.

තවද එම පිටුව මෙසේ Unpublish වීමට ප්‍රථම ෆේස්බුක් පිටු තත්ව නොහොත් Page Quality මගින් ඔහුගේ පිටුව ෆේස්බුක් වෙත ෆේස්බුක් පරිශීලකයන්ගෙන් ලැබුණු වාර්තා මත ඔවුන්ගේ මාර්ගෝපදේශන එම පිටුව පිළිනොපදිනවා යැයි කෘතීම බුද්ධිය අනුව තීරණය කොට Unpublish වීමේ අවධානමක් ඇතැයි පෙර සිටම අනතුරු අගවා ඇති අතර එම අනතරු ඇගවීම් වලින් පසුව ඔහුගේ නිල ෆේස්බුක් පිටුව Unpublish වී තිබේ.මෙසේ ෆේස්බුක් පිටු Unpublish වීමේ ක්‍රියාවලිය ස්වයංක්‍රීයව සිදුවන ක්‍රියාවලියක් වන අතර මෙම ස්වයංක්‍රීය ක්‍රියාවලියට කිසිදු ෆේස්බුක් නියෝජිතයෙක් හෝ කිසිදු ශ්‍රී ලංකික දේශපාලන පක්ෂයක් මැදිහත් නොවේ.

පසුගිය රජය සමයේ මෙන්ම වත්මන් රජය සමයේත් යම් ෆේස්බුක් පිටු,ගිණුම්,ෆේස්බුක් සමූහ රජයේ මැදිහත්වීමෙන් ඉවත්කිරීමට කටයුතු කර ඇති අතර එවැනි අවස්ථාවලදී එම පිටු ෆේස්බුක් අඩවියෙන් එම පිටු,සමූහ පාලනය කල ඇඩ්මින් වරුන්ට සොයාගත නොහැකි ආකාරයෙන් ගැලවී යාමක් සිදුවී තිබෙන අතර එහෙත් ගායක ඉරාජ් වීරරත්නගේ ෆේස්බුක් පිටුවට එසේ වී නොමැත.එම රජයන් මැදිහත් වීමෙන් ඉවත්වූ පිටු කිහිපයක් සම්බන්ධයෙන් විස්තර කිහිපයක් පහතින් දැක්වේ.

වර්ෂයපිටුවේ / සමුහයේ නමපිටු ඉවත්කිරීමට යොදාගත් ආසන්න සිදුවීම්එම පිටුවල අවසන් වරට සිටි ප්‍රේක්ෂකයන් ගණන
2014බොදුබල සේනා සංවිධානයේ නිල ෆේස්බුක් පිටුව හා එහි සමාජියක් විසින් බොදුබලසේනා යන නාමය භාවිතා කරමින් පවත්වාගෙන ගිය අනු පිටු2014 ජූනි මස අලුත්ගම ධර්ගා නගරයේ ඇතිවුන සිද්ධියනිල පිටුවට පනස්දහසකට ආසන්න පිරිසක්.. සාමාජිකයන් විසින් පවත්වාගෙනගිය පිටුවල නිශ්චිත සංක්‍යාවක් ගණන් බලා නොමැත
2018ෆේස්බුක් අම්බලමතෙල්දෙණිය ප්‍රදේශයේ ඇතිවූ සිද්ධියතුන්ලක්ෂ හතලිස්දහසකට අධික පිරිසක්
2019සිංහල ව්‍යාපාර සංසදයපාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයලක්ෂ හතරකට අධික සාමාජිකයන් සමාජිකත්වය ගත් සමූහයක්
2019සිංහල විවාහ සංසදයපාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයපනස්දහසකට අධික හෝ ආසන්න පිරිසක් සමාජිකත්වය ගත් සමූහයක්

රජය මැදිහත්වී ෆේස්බුක් සමූහ / පිටු ඉවත්කිරීමට කටයුතු කිරීම මගින් මානව හිමිකම් උල්ලංඝනයක් සිදුවන අතර ජනතාවට නිදහසේ රැස්වීමට, භාෂණයට ඇති අයිතිය මෙවැනි ක්‍රියා මගින් රජය උල්ලංඝනය කරනු ලබනවා. මිට අමතරව අප සංගමය නොදන්නා තවත් රජයේ මැදිහත්වීම මගින් මර්ධනයට ලක්වූ ෆේස්බුක් පිටු හා සමූහ තිබිය හැකි අතර එවැනි පිටු / සමූහ පිලිබදව විස්තරාත්මකව අප තොතුරු තාක්ෂණ සංගමය දැනුවත් කරන ලෙස ඒ අදාල පිටු / සමූහ මෙහෙයවූ ඇඩ්මින් වරුන්ගෙන් අප ඉල්ලා සිටිමු.

අන්තර්ජාලය හා සමාජ මාධ්‍ය තුල අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය අප සංගමය ඉතා ඉහලින් අගයකොට සලකන අතර යම් දේශපාලනික / ආගමික න්‍යාය පත්‍රයන්ට යටත්ව යම් පුද්ගලයෙකුගේ / කණ්ඩායමකගේ අන්තර්ජාලය හෝ සමාජ මාධ්‍ය අඩවි තුල අදහස් දැක්වීමට ඇති නිදහස අන්තර්ජාලය / සමාජ මාධ්‍ය මනා ලෙස පවත්වාගෙන යාමට එම ප්‍රජාවන් විසින් සපයා ඇති ඇති මාර්ගෝපදේශන අවභාවිතා කරමින් නිදහස් භාෂණය අහුරාලීමට කිසිදු පාර්ශවයකට අයිතියක් නොමැත.රජයටත් එය එසේ විය යුතුය.

පසුගිය සමයේ මුස්ලිම් ජනයා සිංහල ජනයා විසින් සිංහල භාෂාවෙන් පලකරනු ලැබූ සමාජ මාධ්‍ය සටහන් Hate Speech යටතේ වාර්තා කිරීමටත් සිංහල ජනයා මුස්ලිම් ජනයාට අයත් ව්‍යාපාර පිටු Hate Speech යොදාගෙන වාර්තා කිරිමටත් කටයුතුකළ බව ඔබ අප කව්රුත් දන්නා නොරහසකි.ඉරාජ්ගේ පිටුවෙන් පසුගිය දිනවල ගලගොඩඅත්තේ හිමියන් නිදහස් කරගැනීමට පලකළ පොස්ටු ඉවත්වීම ඉහත අවස්ථා සම්බන්ධය කදිමව පෙන්වන නිදසුනකි.මෙසේ ෆේස්බුක් / අන්තර්ජාල මාර්ගෝපදේශන රජය මෙන්ම අනෙකුත් දේශපාලන පක්ෂ සියල්ලමද අවභාවිතා කිරීමක් වන බවත් අප සංගමය ඉතා වගකීමෙන් හෙළිදරව් කිරීමක් සිදුකරන අතර Click Farm මධ්‍යස්ථාන මගින් එසේ සිදුකල හැකි බවත් මෙසේ ෆේස්බුක් ඇතුළු සමාජ මාධ්‍ය මගින් සපයා ඇති මාර්ගෝපදේශන මෙරට පාර්ශවයන් විසින් ඔවුන්ගේ වාසියට යොදාගන්නා බව සියලුම සමාජ මාධ්‍ය  මුලස්ථාන වෙත නොබෝ අනාගතයේදී විස්තරාත්මකව දැනුම් දීමට කටයුතු කිරීමට ක්‍රියාමාර්ග මේවනවිට අප සමූහය ගනිමින් ඇත.

Recommended For You

About the Author: Editor