
අල්ලස් කොමිෂම විසින් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු 8 දෙනෙකුට එරෙහිව ගොනුකළ නඩුව ද සැප්තැම්බර් 20 වනදා කැඳවීමට කොළඹ ප්රධාන මහේස්ත්රාත් අධිකරණය අද (11) නියෝග කළේය.
ඇවන්ට්ගාඩ් සමාගමට අයුතු සහගත ලාභයක් ගෙනදෙන අයුරින් පාවෙන අවි ගබඩාවක් පවත්වාගෙන යාමට ඉඩ සැලැස්වීම මෙම සැකකරුවන්ට එල්ලවී ඇති චෝදනාව වන අතර එමගින් රජයට රුපියල් බිලියන 11.4 ක පාඩුවක් සිදුකිරීමෙන් සැකකරුවන් දූෂණය නැමැති වරද කර ඇති බව චෝදනාවල සඳහන්වේ.
මෙම නඩුව මහේස්ත්රාත් අධිකරණයේ විභාගයට ගැනීම වළකාලමින් අභියාචනාධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කර ඇති බවත් ජුලි 26 වැනිදා ඒ සම්බන්ධ නියෝගය ප්රකාශයට පත් කිරීමට නියමිත බවත් අද අධිකරණය හමුවේ ප්රකාශ විය.