
ඉරානය සහ බටහිර අතර පවතින අර්බුදය තවත් තීව්ර කරමින් බි්රතාන්යයට අයත් තෙල් නැවකට පහරදීමට පැමිණි ඉරාන විප්ලවීය හමුදාවට අයත් යැයි සැක කරන කුඩා බෝට්ටු පහක් පලවා හැරීමට බි්රතාන්ය රාජකීය නාවික හමුදාව පියවර ගත් බව රොයිටර් පුවත් සේවය සඳහන් කරයි.
ඉරාන විප්ලවීය හමුදාවට අයත් යැයි සැක කෙරෙන කුඩා ප්‍රහාරක යාත්‍රා විසින් බි්රතාන්යයට අයත් මෙම තෙල් නැව වට කරනු ලැබ ඇත්තේ ඉරානයට ඔබ්බෙන් පිහිටි හෝමූස් සමුද්‍ර සන්ධියේදීය. එහිදී ඔවුන් උත්සාහ කර ඇත්තේ නැව ඔවුන් යටතට ගැනීමටය.
තෙල් නැවේ ආරක්ෂාවට යොදවා තිබුණු බි්රතාන්ය රාජකීය නාවික හමුදාවට අයත්මොන්ට්රෝස් නමැති යුද නැව තුළ සිටි නාවික භටයින් විසින් තෙල් නැව වට කිරීමට ආ ඉරාන යාත්‍රා පන්නා දමා ඇත.