ටියුනීසියානු සංක‍්‍රමණිකයින් රැගත් යාත‍්‍රාවක් පෙරළී 80ක් මරුට

ලිබියාවේ සිට යුරෝපය බලා ගමන් කරමින් තිබූ ටියුනීසියාවට අයත් සංක්‍රමණික යාත්‍රාවක් පෙරළී යාමෙන් පුද්ගලයින් 80 දෙනකුට අධික පිරිසක් ජීවිතක්ෂයට පත්ව තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මේ වන විට පුද්ගල මළසිරුරු 80කට වැඩි සංඛ්‍යාවක් හමුවී තිබෙන බවයි එම මාධ්‍ය සඳහන් කරන්නේ.

මෙම යාත්‍රාවේ 86 දෙනෙක් ගමන්කර ඇති අතර ඉන් 4 දෙනෙකු දිවි බේරාගෙන ඇති බවයි වාර්තාවන්නේ.

යුරෝපය අනුගමනය කළ දැඩි ආරක්ෂක සහ සංක‍්‍රමණ විරෝධී ප‍්‍රතිපත්තිය හේතුවෙන් මෙම වසර වන විට මිනිස් ජාවාරම්වල අඩුවක් දක්නට ලැබෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

පසුගිය කාලය තුළ දස දහස් සංඛ්‍යාත පිරිසක් මේ ආකාරයෙන් අනවසරයෙන් සංක‍්‍රමණය වීමේදී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

Recommended For You

About the Author: Editor