Voice of Parliament සමාගම් දෙකක කූට ක්‍රියාවක් නිසා රූෆ් ටොප් සංකල්පය නැති කරන්න හදනවා – අමාත්‍ය රවී කරුණානයක

මෙගාවොට් එක බැගින් වූ සූර්ය බලාගාර 90ක් ඉදිකිරීම සඳහා ටෙන්ඩර් කැඳවීමට පියවර ගෙන තිබෙන බව විදුලි බල හා බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානයක මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (12) ප්‍රකාශ කළා.

ඇමති රවී කරුණානායක මහතා මේ බව සඳහන් කළේ පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉඳුනිල් මහතා මතුකරන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනුයි.

වැඩි දුරටත් කරුණු දැක්වූ ඇමැතිවරයා සඳහන් කළේ ව්‍යාපෘති 76ක් සඳහා ටෙන්ඩර් පිරිනැමීම‍ට ප්‍රසම්පාදන අනුමැතිය ලැබී ඇති බවයි.

ඇමැති රවී මෙසේද සඳහන් කළ.

‘‘පුනර්ජනනීය සූර්ය බලය භාවිතා කළොත් ස්ථීර ජනනයට වැටෙන්නේ නෑ.එකයි ප්‍රශ්නය තියෙන්නේ\ මේක හැකි තරම් ප්‍රචලිත කරගෙන යනවා. මෙගාවෝට් පහට වැඩිය ගෙනවොත් අපි අනුමතිය දෙනවා. යම් විදියක ප්‍රමිති කරණයක් කර තිබෙනවා.

මෙහිදී එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ආශූ මාරසිංහ මහතා ද කතා කළා.

‘‘සූර්ය බල සංග්‍රමය සම්බන්ධයෙන් ප්‍රශ්න ගණනාවක් තිබෙනවා. එකම මිල ගණනක් දීම තුළ අලුතෙන් නිවාස වහළවල සූර්ය පැනට සවි කළාට පස්සේ මේ ජනනය කිරීම තුළ ලාභයක් ලබාගන්න බෑ කියලා සමාජය තුළ කැළබීමක් හට ගෙන තිබෙනවා. එම ප්ලැට් රේට් එකට යන ක්‍රියාවක් අනුගමනය කර තිබෙනවාද ?

මහාචාර්යවරයා පිළිතුරු දුන් රවී කරුණායාක මහතා මෙසේ සඳහන් කළා.

‘‘මෙය 2015 අයවැයෙන් ආ යෝජනාවක්. මෙහි තිබෙන්නේ ප්‍රචලිත කරන වැඩපිළිවෙළක්. නොදැනුවත්ව සමාගම් දෙකක් කූට ක්‍රියාවක් නිසා රූෆ් ටොප් සංකල්පය නැති කරන්න හදනවා. හැම දෙනාටම එක මිලක් ගෙවන්න තීරණය කර තිබෙනවා. එයයි පුනර්ජනනීය බලශක්තියට ලබා දී තිබෙන ශක්තිය’’

Recommended For You

About the Author: Editor