ඉන්දියාව සඳට තව ළං වෙයි

‘චන්ද්‍රයාන් 2 ’යානය හෙට (15) පෙ.ව 2.21ටඅභ්‍යාවකාශගත කිරීමට ඉන්දියාව සියලු කටයුතු සූදානම් කර තිබෙන බව ඉන්දීය අභ්‍යාවකාශ පර්යේෂණ මධ්‍යස්ථානය Indian Space Research Organization (ISRO) උපුටා දක්වමින් ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.

චන්ද්‍රයාන් 2 යානය නිපදවා තිබෙන්නේ මීට වසර 10කට පෙර ගුවන්ගත කළ චන්ද්‍රයාන් 01 යානයේ වැඩි දියුණු කිරීමක් ලෙස බවයි එම වාර්තා සඳහන් කරන්නේ.

මෙම යානය මගින් ද සඳ මත ගවේෂණ කටයුතු සිදුකිරීම අපේක්ෂා කරනවා. සඳ මත භූ ලක්ෂණ සවිස්තරාත්මකව අධ්‍යයනය, ඛනිජ විශ්ලේෂණය ඇතුළු පර්යේෂණ රැසක් එමඟින් සිදුකිරීමට නියමිතයි. චන්ද්‍රයාගේ ආරම්භය හා පරිණාමය පිළිබඳ වඩා හොඳ අවබෝධයක් ලබාගැනීමටත් එමඟින් හැකි වනු ඇති බවට විශ්වාස කෙරෙනවා.

චන්ද්‍රයාන් 2 යානය, පළමුව පෘතුවියෙන් ගමන් කරවන යානා නවතා තබන කක්ෂයට මුදාහැරීමට සැලසුම් කර තිබෙනවා. ඉන් දින 16කට පසුවයි යානය සඳ මත ගවේෂණ කටයුතුත සඳහා මුදාහැරෙන්නේ. එයට චන්ද්‍රයාගේ කක්ෂයට ළඟාවීමට දින පහක් ගත වනවා.

මෙම යානය අභ්‍යාවකාශගත කිරීමත් සමඟ ඉන්දීය අභ්‍යාවකාශ තාක්ෂණයේ නව පරිච්ඡේදයක් සටහන් වනු ඇති බව ද විශ්ලේෂකයන් පෙන්වාදෙනවා.

Recommended For You

About the Author: Editor