පාර්ලිමේන්තු ප්‍රහාරයක් ගැන 119ට අසත්‍ය කී අයෙකු අත්අඩංගුවට

පාර්ලිමේන්තු සංකීර්ණයට බෝම්බ ප්‍රහාරයක් එල්ල වන බවට 119 හදිසි දුරකථන අංකයට ලැබුණු ඇමතුම සම්බන්ධයෙන් පූර්ණ පරීක්ෂණයක් සිදු කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා ප්‍රකාශ කළා.

එම ප්‍රචාරය අසත්‍ය බවට එහිදී තහවුරු වූ බවයි ඒ මහතා කියා සිටියේ.

පොලිස් මූලස්ථානයේ අද (14) පැවැති මාධ්‍ය හමුකදී මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා කියා සිටියේ විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් මෙම සැකකරු ඊයේ (13) ඇල්ල පොලිස් වසමේ දී අත්අඩංගුවට ගත් බවයි. සැකකරු අහමඞ් බාවා මොහොමඞ් බ්‍රෙඞ් නම් 57 හැවිදිරි පුද්ගලයෙකු බව ද පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා සඳහන් කළා.

සැකකරු සතුව තිබූ සම්කාඞ්පත ද අත්අඩංගුවට ගත් බව ප‍්‍රකාශ කළ පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා මේ වන විට රටතුළ පවතින සාමකාමී වාතාවරණය බිඳ දැමීමේ අරමුණින් සැකකරු මෙකී ව්‍යාජ දුරකතන ඇමතුම දුන් බව අනාවරණය වී ඇති බව ද සඳහන් කළා.

Recommended For You

About the Author: Editor