fb ගිනුම් මිලින 87ක දත්ත පිටකළ facebook සමාගමට ඩොලර් බිලියන 05ක දඩයක්

fb දත්තවල රහස්‍යභාවය උල්ලංඝණය කිරීම සම්බන්ධ විමර්ශනය සමථයකට ගෙන ඒමට facebook සමාගමට ඩොලර් බිලියන පහක දඩයක් නියම කිරීමට එක්සත් ජනපදයේ වෙළෙඳ නියාමන කොමිසම පියවර ගෙන ඇති බව ඇමරිකානු මාධ්‍ය සඳහන් කරනවා.

මම විමර්ශනයට හේතු වූයේ Cambridge Analytica නමැති දේශපාලන උපදේශන සමාගමට ෆේස්බුක් පරිශීලකයන් මිලියන 87ක ගේ තොරතුරු විවෘත වී ඇති බවට පළ වූ වාර්තාවකුයි.

ඇමෙරිකානු මාධ්‍ය වාර්තාවන්ට අනුව එක්සත් ජනපදයේ ෆෙඩරල් වෙළෙඳ කොමිසම මේ පිළිබඳව පරීක්ෂණ ආරම්භ කරලා තිබෙන්නේ පසුගිය 2018 වසරේ මාර්තු මාසයේ දීයි.

Cambridge Analytica සමාගම ෆේස්බුක් පරිශීලකයන් දශ ලක්ෂ ගණනක පුද්ගලික දත්ත රැස්කිරීමේ චෝදනාව පිළිබඳව විමර්ශන ක්‍රියාත්මක කෙරෙන අතරවාරයේ ෆේස්බුක් සමාගමේ ප්‍රධානි මාක් සකර්බර්ග් Mark Zuckerberg ඒ පිළිබඳව සමාව ඉල්ලා සිටියා. එහිදී ඔහු ප‍්‍රතිඥාවක් දෙමින් කියා සිටියේ අනාගතයේ දී එම ගැටලු විසඳීමට පියවර ගන්නා බවයි.

මේ සමග තම සමාගම මුහුණ දී සිටින තත්ත්වයේ බරපතළකම ද ඔහු විසින් පැහැදිලි කළා. සිය සමාජ මාධ්‍ය ජාලය අනිසි ලෙස යොදා ගැනීමට උත්සාහ දරන රුසියාවේ හැකරුන් සමග නිරන්තර අරගලයක නිරත වෙමින් සිටින බවත් එම ප්‍රශ්න කිරීම් හමුවේ ඔහු කියා සිටියා.

‘‘මේක ආයුධ තරඟයක් වගෙයි. ඔවුන් නිරන්තරයෙන් අලුත් ක්‍රමයක් හොයා ගන්නවා. අපි ව්‍යාජ ෆේස්බුක් ගිණුම් හඳුනා ගැනීම පිණිස නව මෙවලම් වර්ධනය කරමින් සිටිනවා’’ යැයි ද ඔහු විමර්ශන කමිටුව හමුවේ සාක්ෂි දෙමින් කියා සිටියා.

Recommended For You

About the Author: Editor