Travel + Leisure සඟරාව ශ‍්‍රී ලංකාව ‘සංචාරයට හොඳම දූපත් රාජ්‍ය’ ලෙස අභිෂේක කරයි

ඇමෙරිකාවේ නිව්යෝර්ක් නගරය පදනම් කරගත් Travel + Leisure සඟරාව මගින් මේ වසරේදී සංචාරය කිරීමට ලෝකයේ හොඳම දූපත් රාජ්‍ය 15 අතර ප්‍රථම ස්ථානයට ශ්‍රී ලංකාව නම් කර තිබෙනවා.

මෙම ලිපියේ රචකයා වන්නේ ලෝ ප‍්‍රකට සංචාරක වාර්තාකාරිනියක වන Rebecca Asche

Travel + Leisure සඟරාව විසින් ප‍්‍රථම වරට ශ්‍රී ලංකාව මෙම වර්ගීකරණයට ඇතුළත් කර ඇතත් ලෝකයේ සංචාරය කිරීමට හොඳම දූපත් රාජ්‍ය ලෙස ශ්‍රී ලංකාව නම්කර තිබෙනවා.

ශ්‍රී ලංකවේ මුහුදු වෙරළ, ජාතික උද්‍යාන, තේ වගාවන් ඇතුළු පාරිසරික වැදගත් ස්ථාන හා සුපිරි හෝටල් පහසුකම්ද ඇති බව ඔවුන් පෙන්වා දෙන්නේ.

ශ‍්‍රී ලංකාව ප‍්‍රථම ස්ථානය පැමිණීම සුවිශේෂ වන්නේ ලෝකයේ වඩාත් සංචාරක ආකර්ෂණයක් දිනාගෙන සිටින බාලි, මාලදිවයින, ෆිජී, ගලපගොස් දූපත්, හවායි වැනි දූපත් පරජය කරමින් ශ්‍රී ලංකාව පළමු ස්ථානයට පැමිණීමයි.

මෙම වර්ගීකරණයේදී ශ‍්‍රී ලංකාව ලකුණු 100/ 92.12ක් හිමිකර ගෙන ඇති අතර පිලිපීනය සහ බාලි පිළිවෙළින් දෙවන හා තෙවන ස්ථානවල සිටිනවා.

පාස්කු ඉරිදා ප‍්‍රහාරයෙන් බිඳ වැටුණු ශ‍්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයට මේ මගින් පුළුල් ප‍්‍රචාරක වාසියක් ලැබෙනු ඇති බවයි සංචාරක ක්ෂේත‍්‍රයේ විශේෂඥයින් පවසන්නේ.

මීට සති කිහිපයකට පෙර තවත් ලෝ ප‍්‍රකට සංචාරක මාර්ගෝපදේශ සඟරාවක් වන lonely planet විසින් ද ශ‍්‍රී ලංකාව ලෝකයේ හොඳම සංචාරක ගමනාන්තය ලෙස නම් කර තිබුණා.

Recommended For You

About the Author: Editor