‘චන්ද්‍රයාන් 2’ ගුවන්ගත කිරීම අන්තිම මොහොතේ නතර කරයි

අද (15) පෙරවරුවේදී (2.21) ගුවන්ගත කිරීමට සැලසුම් කර තිබූ ඉන්දියාවේ චන්ද්‍රයාන් 2 සඳ තරන රොකට්ටුව ගුවන්ගත කිරීම කල්දමා ඇතැයි ඉන්දියානු අභ්‍යවකාශ ඒජන්සිය උපුටා දක්වමින් ඉන්දීය මාධ්‍ය වාර්තා කළා.

තාක්ෂණික දෝෂයක් හේතුවෙන් ගුවන් ගත කිරීම අත්හිටුවූයේ නියමිත වේලාවට සුළු මොහොතකට පෙර බවයි ඉන්දිය මාධ්‍ය වාර්තා කළේ. එම අවස්ථාවේ එහි සිටි මාධ්‍යවේදීන් ඇතුළු සියලුදෙනාට ඉන් ඉවත්ව යන ලෙස බලධාරීන් දැනුම් දුන්නා.

චන්ද්‍රයාගේ දක්ෂිණධ්‍රැවයට ගොඩ බැසීමට නියමිතව තිබූ පළමු අභ්‍යාවකාශ යානය ලෙසයි ඉන්දියාවේ චන්ද්‍රයාන් 2 සැලසුම් කර තිබුණේ. එය සාර්ථක වුවහොත් චන්ද්‍රයා මතට යානයක් ගොඩබැස්සවූ 4 වැනි රට බවට ඉන්දියාව පත් වීමට නියමිතව තිබුණා. ඒ මීට පෙර චන්ද්‍රයා මතට යානයක් ගොඩ බස්සවා ඇත්තේ සෝවියට් දේශය, අමෙරිකාව හා චීනය පමණක් වීම නිසයි.

ඉන්දියාව මෙම අභ්‍යවකාශ වැඩසටහන සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 150ක් වැයකර තිබේග

Recommended For You

About the Author: Editor