මවුබිමට එල්ලවෙන තර්ජනවලට මුහුණ දෙන්න විධිමත් දේශපාලන වැඩපිළිවෙළක් අවශ්‍යයි – බැසිල් රාජපක්ෂ

ජාතික වශයෙන් මවුබිම මුහුණ දී ඇති විවිධ තර්ජනවලින් මිදීම සඳහා විධිමත් දේශපාලන වැඩපිළිවෙළක් අවශ්‍ය බවත් ඒ සඳහා ප‍්‍රගතිශීලී දේශපාලන පක්ෂ එක්ව කටයුතු කළ යුතු බවත් ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ නිර්මාතෘ බැසිල් රෝහණ රාජපක්ෂ මහතා පැවසීය.

ඒ මහතා මෙසේ පැවසුවේ අද (15) බත්තරමුල්ල නෙළුම් මාවතේ පිහිටි ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ කාර්යාලයේ පැවැති හමුවකදීය.
ජාතික කොංග‍්‍රසය, තමිල මහජන විමුක්ති සංවිධානය, ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජාතික ව්‍යාපාරය යන පක්ෂ හා ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර අද දිනයේ සාකච්ඡුා වට කිහිපයක් පැවතිණි.

ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ ප‍්‍රමුඛ විපක්ෂයේ බලවේග පිහිටුවන රජයක ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනය සැකසීමේ වැඩපිළිවෙළට අනෙකුත් දේශපාලන පක්ෂවල අදහස් ලබාගැනීම සම්බන්ධයෙන් සහ ඉදිරි මැතිවරණවලදී සහයෝගයෙන් කටයුතු කිරීම පිළිබඳව මෙම සාකච්ඡුාවලදී වැඩි අවධානයක් යොමු විය.

රටේ සංවර්ධනය පිළිබඳව මෙහිදි අදහස් දැක්වූ බැසිල් රාජපක්ෂ මහතා සඳහන් කළේ වත්මන් රජයට රටේ සංවර්ධනය සම්බන්ධයෙන් නිසි වැඩපිළිවෙළක් නොමැති බවයි.

විශේෂයෙන් තිස් වසරක යුද්ධය නිසා අඩාල වූ උතුරු නැගෙනහිර ජනතා අභිලාෂ මුදුන්පත් කිරීමේ සංවර්ධන වැඩපිළිවෙළ වත්මන් ආණ්ඩුව යටතේ අඩපණ වී ඇතැයිද ඒ මහතා සඳහන් කළේය.
මෙහිදී අදහස් දැක්වූ සෙසු පක්ෂ නියෝජිතයින් ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණේ වැඩපිළිවෙළට ප‍්‍රසාදය පළ කළ අතර සියලූ ජාතීන්ට එක්ව ජීවත් විය හැකි ස්ථාවර රටක් මෙන්ම සංවර්ධිත රටක් බිහිකිරීමේ හැකියාව ඇත්තේ ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ ප‍්‍රමුඛ රජයකට යැයි විශ්වාසය පළ කළේය.

මෙම සාකච්ඡ සඳහා ජාතික කොංග‍්‍රසය නියෝජනය කරමින් ඒ. එම්. එල් අතාවුල්ලා මහතා ඇතුළු පිරිසක් ද, ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජාතික ව්‍යාපාරය නියෝජනය කරමින් අරුණ ද සොයිසා, ශ‍්‍රී ලාල් ජයන්ත රෝහණ මහත්වරුද, තමිල මහජන විමුක්ති සංවිධානය නියෝජනය කරමින් පී ප‍්‍රශාන්තන් , තිරුමුරුගරාජා යන මහත්වරු ඇතුළු පිරිසක් ද සහභාගි වූහ.

ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් මෙම සාකච්ඡුාව සඳහා පක්ෂයේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතා, ලේකම් සාගර කාරියවසම් මහතා, පාර්ලිමේන්තු මන්ත‍්‍රී සී. බී රත්නායක මහතා, පාර්ලිමේන්තු මන්ත‍්‍රී අනුර ප‍්‍රියදර්ශන යාපා ඇතුළු පිරිසක් සහභාගි වූහ.

Recommended For You

About the Author: Editor