ස්ථිර විදුලි ජනන සැලැස්මක් කඩිනමින් ක්‍රියාත්මක කරනවා – අමාත්‍ය රවී කරුණානායක

ඉදිරියේදී වරින් වර විදුලිය බිඳ වැටීම සම්පූර්ණයෙන් නැවැත්වීමට හැකි වන ස්ථිර විදුලි ජනන සැලැස්මක් ක්‍රියාත්මක කරන බව අමාත්‍ය රවී කරුණානායක මහතා අවධාරණය කරනවා.

අද (15) කතරගම කිරිවෙහෙර සහ දේවාල පරිශ්‍රයේ පැවති විදුලි ආලෝක පූජාව ඇතුළු පූජා කිහිපයකට සහභාගී වීමෙන් පසු මාධ්‍යවේදීන් සමග පැවැති කෙටි හමුකදීයි අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ.

කතරගම පූජා භූමියට විදුලිජනන යන්ත්‍රයක් ලබාදීම සහ පිවිසුම් මාර්ගයේ විදුලිය අඩුපාඩු සම්පූර්ණ කරදීම සම්බන්ධයෙන් කතරගම අභිනවාරාමාධිපති ස්වාමීන් වහන්සේල කතරගම බස්නායක නිලමේවරයා මෙන්ම මොණරාගල දිස්ත්‍රික් ලේකම්වරිය අමාත්‍යවරයා වෙත විශේෂ ස්තූතියක් පළ කළා.

Recommended For You

About the Author: Editor