3/2ක බලයක් ඇති පොදුජන පෙරමුණු රජයක් යටතේ අවුරුද්ද සමරනවා – ජී. එල්. පීරිස්

ජනාධීපතිවරණය කල්දමා ගැනීමේ උප්පරවැට්ටියක් ලෙස පලාත් සභා මැතිවරණය ගෙන ඒමට ආණ්ඩුව උත්සහ කළ හොත් ජනතා පරමාධිපත්‍ය ආරක්ෂා කොට ජනතාවගේ ඡන්ද අයිතිය ආරක්ෂා කිරීම වෙනුවෙන් දැඩි නීතිමය පියවර ගන්නා බව ශ‍්‍රී ලංකා පොදු ජන පෙරමුණ පවසයි.

අද (15) පෙරවරුවේ කොළඹ නෙළුම් මාවතේ පිහිටි පොදුජන පෙරමුණු ප‍්‍රධාන කාර්්‍යාලයේ පැවති මාධ්‍ය හමුවකදී එම පක්ෂයේ සභාපති ජී. එල්. පීරිස් මහතා මේ බව අනාවරණය කළේය.

පළාත් සභා මැතිවරණය හෝ ඕනෑම මැතිවරණයකට මුහුණ දීම ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණට කිසිදු අභියෝගයක් නොවන නමුත් මේ අවස්ථාවේ රටේ ස්ථාවරත්වය සදහා සහ පවතින අරාජිකත්වය නැති කිරීම සදහා ස්ථාවර රජයක අවශ්‍යතාවය ප‍්‍රමුඛ කාර්්‍යකි.
අගෝස්තු 11වැනිදා ආරම්භ කෙරෙන පොදුජන පෙරමුණේ මැතිවරණ ව්‍යාපාරය විශිෂ්ට ජයග‍්‍රහණයක් උදෙසා ගෙනයාම සදහා ඉතිහාසයේ ප‍්‍රථම වතාවට අංග සම්පූර්ණ වැඩපිළිවෙලක් දියත් කෙරෙනු ඇති බවත් ඒ සඳහා ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතා කැපවී ඇති බවත් ජී. ඒල්. පීරිස් මහතා මෙහිදී පැවසීය.

2020 අපේ‍්‍රල් මාසයේදී නව ජනාධිපතිවරයෙකුගේ පාලනය යටතේ තුනෙන් දෙකක බහුතරයක් තිබෙන පොදුජන පෙරමුණු රජයක් යටතේ අවුරුදු කෑමට ජනතාවට හැකිවනු ඇතැයි ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

Recommended For You

About the Author: Editor