DPMC – MRF ටයර් මිලදී ගන්නා පාරි­භෝ­ගි­ක­යන්ට ස්මාර්ට් ෆෝන් දිනා ­ගැ­නීමේ අවස්ථා

මෙරට පාරිභෝගිකයන්ට හැම විටම වාසි අත්කර දෙන ඬේවිඞ් පීරිස් මොට් ර් කම්පැනි (ප්‍රයිවට්) ලිමිටඩ් විසින්මෙරට DPMC – MRF ටයර් පාරිභෝගිකයන් සඳහා හඳුන්වාදුන් ජංගම දුරකථන දිනා ගැනීමේ මහා තෑගි තරඟය වැඩි පාරිභෝගිකයන්ගේ ඉල්ලීම පරිදි 2019 ජූලි මස 31 වනදා දක්වා දීර්ඝ කරන ලදී.

පසුගිය මාස 03පුරා ක්‍රයාත්මක වූ මෙම තෑගි තරඟය සඳහා වූ අතිශය පාරිභෝගිත ප්‍රතිචාර හිමි වූ අතර අප්‍රේල් මාසයට අදාළ ස්මාර්ට් ජංගම දුරකථන මේ වන විටත් පිරිනමා අවසන් බව සමාගම පවසයි.ඬේවිඩ් පීරිස් මෝටර් කම්පැනි (ප්‍රයිවට්) ලිමිටඩ් වෙතින් මෙරටට ගෙන්වා බෙදා හරින MRF මෝටර් සයිකල්,ස්කූටර් සහ ත්‍රිරෝද රථ ටයර් පාරිභෝගිකයන් සඳහා මෙම තෑගි තරඟය පසුගිය අප්‍රේල් මාසයේදී හඳුනවා දුන් අතර එම තරඟයට අනුව මාසිකට ස්මාර්ට් ෆොන් 10ක් බැගින් දිනාගත් පාරිභෝගිකයන් මේ පිළිබඳ විශ්වාසය තව තවත් තබා ඇති අතර DPMC – MRF ටයර් පමණක් මිලදී ගැනීමට ඔවුන් කටයුතු කරන බව පවසයි.

මෙම තරඟයට ඇතුළත් වීම සඳහා කළ යුතු වන්නේ යම් කිසි පාරිභෝගකි යෙකු විසින් මිලදී ගන්නා ‍DPMC – MRF ටයර් සමඟ ලබා දෙන කූපනය පුරවා එහි ඇති DPMC – MRF ටැග් පත සමඟ අදාළ වෙළෙඳ ස්ථානයට භාරදීම පමණි. මාසිකව දිනුම් ඇදීම අදාළ රජයේ නළධාරීන්ගේ අධීක්ෂණය යටතේ ඩේවිඩ් පීරිස් මෝටර් මෝටර් කම්පැනි (ප්‍රයිවට්) ලිමිටඩ්හිදී සිදු කරනු ලැබේ

Recommended For You

About the Author: Editor