ICCය හැර කිසිවෙක් දැන නොසිටි ‘නීතිපොතේ පිහිටෙන්’ ICC ක‍්‍රිකට් ලෝක කුසලානය එංගලන්තයට

මුළු ලෝකයම බලාසිටි තවත් එක් දවසක් නිමාවට පත් වුණේ එකම එක අනාවැකියක් සැබෑ කරමින්. ඒ අති දක්ෂයා ලෝක කුසලානය දිනා ගන්නා බවට කළ අනාවැකියයයි. අනෙක් සියලූ අනාවැකි බිඳ වැටුණා.

කිසිවෙක් අවසාන මහා තරගයේ ලකුණු සමවෙයි, සුපිරි පන්දු වාරයකට යන්න වෙයි, සුපිරි පන්දු වාරයේදීත් ලකුණු සම වෙයි, ඊට පස්සේ හයේ, හතරේ පහරවල් ගණන බලලා වැඩිම හයේ – හතරේ ගහපු කණ්ඩායමට කුසලානය දෙයි කියලා හිතන්න නැතිව ඇති. ඔට්ටු අල්ලන්න නැතිව ඇති. මොකද මෙහෙම දෙයක් නැති කිසිවෙක් හීනෙන්වත්, එහෙම නැත්නම් ලංකාවේ කවුද සත්තරකාරියක් කිව්ව විදිහට විශ්ව ශක්තියෙන්වත් හිතුවේ නැති නිසාය.

සත්කාරක එංගලන්තය සම්බන්ධයෙන් වුණත් ඒක එහෙමයි.

එංගලන්තය ලෝක කුසලානය දිනා ගැනීම ගැන ඇතැමුන්ට තියෙන්නේ පැහැදීමක් නෙමෙයි. ඔවුන් කියන්නේ ‘‘සම ලකුණු ලබා ගත්තා නම් දෙගොල්ලන්ටම දෙන්න තිබුණානේ ’’ කියන කතාවක්. නීතිය ගැන එතරම් සංවේදී නැති, නීති ගැන දැනුමක් නැති ලංකාව වාගේ සමාජයකට මේ කතාවත් අදාළයි. ඇත්ත තමයි සුපිරි පන්දු වාරයේදීත් සම ලකුණු ගත්තා නම් ලෝක කුසලානය එංගලන්තය සහ නවසීලන්තය අතර සමානව බෙදා දෙන්න තිබුණා.

ඒ අතරේ මට තවත් අපූරු කතාවක් අහන්න ලැබුණා. ඒ කතාව කිව්වේ මගේ සමීපතමයෙක්. ‘‘මම නම් හිතන්නේ ලංකාව තමයි නියම ජයග‍්‍රාහකයා. අයි අපි එංගලන්තේ පරාද කළානේ ?’’ ඒ කතාවත් ලංකාවේ මිනිස්සු හිතන පතන තාලේ අනුව පහසුවෙන් බැහැර කරන්න බැරි කතාවක්.

ඒ කොහොම වුණත් අවසානයේදී කිසිවෙකු අපේක්ෂා නොකළ තත්ත්වයක් හා නොදන්නා නීතියක් යටතේ ලන්ඩන් ලෝඩ්ස් ක්‍රීඩාංගණයේ ඊයේ (14) පැවති ක්‍රිකට් ලෝක කුසලාන අවසාන මහා තරගයේ දී අතිරේක පන්දුවාරයක දී ප්‍රදර්ශනය කරන ලද දක්ෂතා අනුව ජයග්‍රහණය වාර්තා කරමින් එංගලන්ත කණ්ඩායම ලෝක ක්‍රිකට් කිරුළ දිනා ගැනීමට සමත් වුණා. දැන් ඒක යථාර්ථයක්.

ලෝක කුසලාන අවසන් තරගයේ දී පළමුව පන්දුවට පහර දුන් නවසීලන්ත කණ්ඩායමට එක් රැස් කර ගැනීමට හැකි වුණේ ළකුණු 241 ක් පමණයි. ඇතැමුන් අනුව මේක නීරස තත්ත්වයක්.

නවසීලන්තය ලබා දුන් ලකුණු 241ක පහසු යැයි සිතිය හැකි ඉලක්කය හඹා යාමට පිටියට පිවිස එංගලන්තයට නියමිත පන්දුවාර 50ට ලබා ගන්න පුළුවන් වුණෙත් ලකුණු 241ක් පමණයි. මේක කිසිවෙක් අපේක්ෂා නොකළ, ලෝක කුසලාන අවසන් මහා තරගයක අපේක්ෂා නොකළ තත්ත්වයක්. ඒ අනුව බොහෝ දෙනෙක් හිතාගෙන හිටියේ අවසන් මහා තරගය සම සමව ලකුණු ලබා ගෙන (ටයි ටයි ටයි බොම්බ මිටයි – උඹලගේ ඔළුවට කපුටෝ කොටයි’’ කියලා අපි පුංචි කාලේ කිව්ව විදිහට) සිටි නිසා ලෝක කුසලානය බෙදකට බෙදලා දෙයි කියලා.

ඒත් අපිට වඩා බොහෝ දුරදිග හිතලා මතලා වැඩ කරන සුද්දෝ ඒවාගේ අනපේක්ෂිත තත්ත්වයක් උදා වුණොත් කරන්න ඕන දේටත් නීති හදලා තිබුණා. ඒ අනුව අවසාන ජයග‍්‍රාහකයා තෝරා ගන්න සුපිරි පන්දුවාරයක් ලබා දුන්නා.

සුපිරි පන්දු වාරයක්

Jofra Archer

ඒ අනුව නියමිත පන්දුවාර පනහ නිමාවේ කණ්ඩායම් දෙකම සමාන ලකුණු සංඛ්‍යාවක් වාර්තා කළ හෙයින් අතිරේක පන්දුවාරය බැගින් දෙපාර්ශ්වයටම හිමි වූ අතර එම ඕවරයේ දී ලබාගත් ලකුණු සංඛ්‍යාව අනුව ජයග්‍රාහක කණ්ඩායම තීන්දු කිරීමට නියමිත වුණා.

පළමුවෙන් පන්දුවට පහර දුන් එංගලන්ත කණ්ඩායම ලකුණු 15ක් ලබා ගත්තා. නවසීලන්තයට තිබුණේ පන්දු 06කදී මේ ලකුණු 15 හඹා ගොස් ලකුණු 16ක් ලබා ගෙන ජයග‍්‍රහණය වාර්තා කිරීමයි. එය බැලූ බැල්මට අසීරු වගේ පෙනුණත් එහෙමම නැහැ කියලත් අපිට හිතුණා.

නවලසීනත්ය සුපිරි පන්දුවාරයට මුහුණ දීමට පිටියට පිවිසුණා. මුළු ලෝකයම බලා ගෙන හිිිටියේ කවුද මේ අභියෝගාත්මක මොහොතේ පන්දු යවන්නේ කියලා. සුදු අධිරාජ්‍යවාදී කණ්ඩායමේ සමස්ත ගෞරවය, අභිමානය, බලාපොරොත්තු කරට ගන්න ඉදිරිපත් වන ඒ නිර්භීත, සුපිරි පන්දු යවන්නා කියලා. ඇත්තමයි, මේ මොහොතේ මගේ හදවත නැවතිලා තිබුණේ. මම හිතාගෙන හිටියේ සුද්දෝ සුද්දන්ට පන්දු යවන්න සුද්දෙක්ම තෝර ගනී කියලා. ඒත් ඒ අභිමානවත් පෞර්ෂයක් හිමි කලූ ජාතික (වර්ගභේදවාදී අදහසකින් නොවෙයි, ආදරණීය හැඟීමකින්) පන්දු යවන්නා, Jofra Archer ට පන්දුව දුන් විට මුළු ලෝකයටම තිගැස්මක් ඇති වෙන්න ඇති.

අති බහුතරය සුද්දන් වූ එංගලන්ත කණ්ඩායමේ දෛවය තීරණය කිරීමේ වගකීම භාර දුන්නේ ට. වර්ගභේදවාදයෙන්, පටු ජාතිවාදයෙන්, ආගම්වාදයෙන් පුළුවන් තරම් බෙදිලා සුළු ජාතීන් කොන් කරමින්, පීඩනයට ලක්කරමින් මුළු ලෝකයම මඩවළක් වෙලා තිබෙන මොහොතෙක මේ තීරණය ඇත්තටම අගය කළ යුත්තක්.

ගෙ පළමු පන්දුව ‘වයිඞ්’ පන්දුවක්. ඊළඟට දැවැන්ත හයේ පාරක්. ඒත් අවසානය උදා වුණේ එම අතිරේක ඕවරයේ දීත් කණ්ඩායම් දෙකම ලකුණු 15 බැගින් ලබා ගනිමින්. තවත් මොහොතකට අපේ හදවත්, (සූදු අන්තුවන්ගේ කොහොම වුණා ද දන්නෑ) නතර වුණා. මේවගේ දෙයක් අපේ අත්තා මුත්තා කාලෙවත් අහලා නැහැ. අපි දන්න නීති ගැනත් අපි හිතලා බැලූවා. ඒත් වැඩක් නැහැ. අපි ඒ ගැන හිතලවත් නැහැ. ඒත් සුද්දා, හැතැප්ප ගාණක් දුර බලන සුද්දා ඒකටත් නීතියක් හදලා තිබුණා (අපේ 19 වගේ හැදුවා නම් වැඬේ කපෝතියි)

යළිත් කණ්ඩායම් දෙකම සම වූයෙන් තරග ජයග්‍රාහකයා තීන්දු කරන ලද්දේ තරගයේ වැඩිම හතරේ සහ හයේ පහර එල්ල කරන ලද කණ්ඩායම සැලකිල්ලට ගනිමිනුයි. ඔන්න සුද්දගේ නීතියේ හැටි.

ජාත්‍යන්තර ක‍්‍රිකට් කවුන්සිලයේ දැනට බල පැවැත්වෙන තරග නීතිය අනුව අතිරේක පන්දු වාරයක දී කණ්ඩායම් දෙකම සම ලකුණු ගත්තොත් වැඩිම 4 සහ 6 පහර එල්ල කරන ලද කණ්ඩායමටයි ජයග්‍රහණය හිමිවෙන්නේ.

එංගලන්තය සහ නවසීලන්තය අතර තරගයේ දී එංගලන්ත කණ්ඩායම 4 පහර 22ක් සහ 6 පහර 3ක් එල්ල කර තිබුණා.

ඒත් නවසීලන්ත කණ්ඩායම හමුවේ තිබුණේ 4 පහර 14 ක් සහ 6 පහර 2ක් පමණයි. දැන් මොකද හිතෙන්නේ. එංගලන්ත ජයග‍්‍රහණය මුළු කණ්ඩායමේම ජයග‍්‍රහණයක් බවට පත් වුණා.

සටහන – කසුන් ප‍්‍රබෝධ සමරවීර

Recommended For You

About the Author: Editor