නීති පොතට අනුව නම් පාස්කු ඉරිදා ප‍්‍රහාරයට සම්බන්ධ සියලූ දෙනා එල්ලන්න ඕනෑ – ජනපති මෛත‍්‍රීපාල සිරිසේන

සමාජයක් යහපත් කිරීමට රාජ්‍ය පාලනය තුළ දණ්ඩනය කි‍්‍රයාත්මක විය යුතු අතර දණ්ඩනයට බිය වීම තුළින් සමාජය තුළ වැරදි අවම වී යහපත් සමාජයක් සහ රටක් ගොඩනැගෙනවා’

අපේ‍්‍රල් 21 දා ත‍්‍රස්ත ප‍්‍රහාරයට සම්බන්ධ සෑම අයෙක්ම මේ වන විට අත්අඩංගුවට ගෙන තිබෙන අතර, ඒ අයට විරුද්ධව පරික්ෂණ අඛණ්ඩව සිදුවන බවත්, ඔවුන්ට එරෙහිව පැහැදිලි සාක්ෂි තිබෙන අතර නීති පොතට අනුව ඔවුන්ට ද මරණීය දණ්ඩනය හිමි විය යුතු බව ජනපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා පවසයි.

ජනපතිවරයා මේ බව ප‍්‍රකාශ කළේ පැළෑද රජමහා විහාරයේ අභිනවයෙන් ඉදිකරන ලද සර්වඥ ධාතු මන්දිරය, පුස්තකාලය සහ ධර්ම මන්දිරය සඝ සතු කොට පූජා කිරීමේ පුණ්‍යෝත්සවයට අද (16) පස්වරුවේ එක් වෙමිනි.

මෙහිදී අදහස් දැක්වූ ජනාධිපතිවරයා සඳහන් කළේ මරණීය දණ්ඩනය අහෝසි කිරීමට පාර්ලිමේන්තුවට පනතක් ගෙන ඒමට වන සූදානම අපේ‍්‍රල් 21 වනදා මහා විනාශයක් සිදු කරමින් 300කට ආසන්න අහිංසක ජනතාවගේ ජීවිත උදුරාගත් ම්ලේච්ඡ ත‍්‍රස්තවාදී කි‍්‍රයාවට අදාළ වගඋත්තරකරුවන්ට හිමිවිය යුතු දඬුවම වළක්වාලීමට ද ගන්නා උත්සාහයක් බව තමා විශ්වාස කරන බවයි.

මෙරට අපරාධ නීතියට අනුව මිනී මැරුමකට, රාජ්‍ය විරෝධී කුමන්ත‍්‍රණයකට මෙන්ම ත‍්‍රස්තවාදී කි‍්‍රයාවන් සදහා ද වැරදිකරුවෙකු වුවහොත් මරණීය දණ්ඩය හිමිවන අතර මරණීය දණ්ඩය අහෝසි කිරීමට ආණ්ඩුවේ ඇතැම් පිරිස් ගන්නා උත්සහය තුළින් එම කිසිදු අපරාධකරුවෙකුට දඩුවම් ලබාදීමට නොහැකි වන බව ද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

මහබැංකු මංකොල්ලයට අදාළ සියලූ වගඋත්තරකරුවන් ද මේ වන විට සොයාගෙන තිබෙන අතර, ඔවුන් අත්අඩංගුවට ගෙන තිබෙන බවත්, රටින් පිට සිටින අයට ජාත්‍යන්තර වරෙන්තු නිකුත් කර ඇති අතරම, අර්ජුන් මහේන්ද්‍රන් මෙරටට ගෙන්වා ගැනීම සඳහා තමා සිංගප්පුරු අග‍්‍රාමාත්‍යවරයා සමග පෞද්ගලිකවම සාකච්ඡුා කර ඇති බවත්, එම සියලූ පරික්ෂණ කටයුතු අඛණ්ඩව සිදු කෙරෙන බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය.

එමෙන්ම ජනාධිපතිවරයා වැඩිදුරටත් සදහන් කළේ අපේ‍්‍රල් 21 දා ත‍්‍රස්ත ප‍්‍රහාරයට සම්බන්ධ සෑම අයෙක්ම මේ වන විට අත්අඩංගුවට ගෙන තිබෙන අතර, ඒ අයට විරුද්ධව පරික්ෂණ අඛණ්ඩව සිදුවන බවත්, ඔවුන්ට එරෙහිව පැහැදිලි සාක්ෂි තිබෙන අතර නීති පොතට අනුව ඔවුන්ට ද මරණීය දණ්ඩනය හිමි විය යුතු බවයි.

සමාජයක් යහපත් කිරීමට රාජ්‍ය පාලනය තුළ දණ්ඩනය කි‍්‍රයාත්මක විය යුතු අතර දණ්ඩනයට බිය වීම තුළින් සමාජය තුළ වැරදි අවම වී යහපත් සමාජයක් සහ රටක් ගොඩනැගෙන බව ද ජනාධිපතිවරයා මෙහිදී වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

Recommended For You

About the Author: Editor