මධ්‍යම තැපැල් සේවකයින් අද පස්වරුවේ සිට දෙදින සංකේත වැඩ වර්ජනයක

කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුවේ කාර්යය මණ්ඩලය ඉල්ලීම් තුනක් මුල්කර ගනිමින් අද (16) පස්වරු 4.00 සිට දින දෙකක සංකේත වර්ජනයක් ආරම්භ කළ බව ඒකාබද්ධ තැපැල් වෘත්තිය සමිති පෙරමුණේ කැඳවුම්කරු චින්තක බණ්ඩාර මහතා ට පැවසුවා.

තම වර්ජනයට හේතු පැහැදිලි කළ චින්තක බණ්ඩාර මහතා,

අද අපි විසින් ආරම්භ කළ දෙදින සංකේත වැඩවර්ජනයේ අරමුණ වන්නේ තැපැල් සේවාව පිළිබඳව මේ වනවිට කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර ඇති කැබිනට් පත‍්‍රිකාවට අනුමැතිය ලබාගැනීම, දිවයින පුරා දැනට සිදුවෙමින් පවතින තැපැල් සේවක අයිතිවාසිකම් කප්පාදුව නතර කිරීම සහ තැපැල් දෙපාර්තමේන්තුව වඩාත් කාර්යක්ෂම සේවා සපයන ස්ථානයක් බවට පත් කර ගැනීමට හැකිවන පරිදි සංවර්ධන යෝජනාවලියක් සැකසීම යන කරුණුයි.

අපේ මෙම ක‍්‍රියාමාර්ගයටල වෘත්තීය සමිති 21ක් සහය දක්වනවා. ඒ අනුව ඉදිරි දෙදින මධ්‍යම තැපැල් හුවමාරුවේ කටයුතු අඩාල විය හැකියි.

තැපැල්පති රංජිත් ආරියරත්න මහතාගෙන් කළ විමසීමකදී තැපැත්පතිවරයා පවසා සිටියේ,

‘‘මෙවැනි වෘත්තීය ක‍්‍රියාමාර්ගයකට එළැඹෙන බව ඔවුන් මට දැනුම් දී තිබෙනවා. ඔවුන්ගේ ප‍්‍රශ්න පිළිබඳව සාකච්ඡා කළා. නමුත් ප‍්‍රශ්න නිරාකරණය නොවූ නිසා ඔවුන් වර්ජනයකට ගිහින් තිබෙනවා. අපි හැකි ඉක්මනින් මේ ගැටලූ විසඳා තැපැල් සේවාව යළි සක‍්‍රීය කිරීමට අවශ්‍ය පියවර ගන්නවා’’

Recommended For You

About the Author: Editor