වෙළෙඳ යුද්ධය මැද දශක තුනකට පසු චීන ආර්ථික වර්ධනය මන්දගාමී වෙයි

චීනය සැලකෙන්නේ ලෝකයේ ස්ථාවර සහ වේගවත් ආර්ථික වර්ධන වේගයක් ඇති රටක් විදිහටයි. ඒත් චීන ආර්ථිකය සම්බන්ධයෙන් පසුගිය දා නිකුත් වූ වාර්තාවක් මගින් මේ තත්ත්වය ගැන සැකසංකා මතුකරලා තියෙනවා.

එම වාර්තාවට අනුව 2019 වසරේ අපේ‍්‍රල් – ජූනි දෙවන කාර්තුවේ දී චීන ආර්ථික වර්ධන වේගය සියයට 6.2ක් ලෙසයි. එය 1990 වසරෙන් පසු වාර්තා වූ අවම අගය ලෙස සැලකෙනවා.

මෙහි විශේෂත්වය වන්නේ මේ වසරේ පළමු කාර්තුවේ දී සියයට 6.4ක ආර්ථික වර්ධන වේගයක් සටහන් වී තිබීමයි.

මේ තත්ත්වය තුළ තම ආර්ථිකය උත්තේජනය කිරීමේ අරමුණින් චීනය වියදම් ඉහළ නැංවීමට හා බදු කපා දැමීමට පියවර ගෙන තිබෙනවා.

ලොව දෙවන විශාලතම ආර්ථිකය හිමි චීනය අමෙරිකා එක්සත් ජනපදය සමඟ වෙළෙඳ යුද්ධයක නිරතව සිටීම ද මෙහිදී අවධානයට ගත යුතු බවයි චීන ආර්ථික විශේෂඥයින් පවසන්නේ.

Recommended For You

About the Author: Editor