
ලෝක පරිසර දිනය සෑම වසරකම ජුනි 5 වැනිදා සැමරේ. වායු දූෂණය සහ වායු දූෂක කාරක මගින් පරිසරයට ඇති කරන බලපෑම මෙවර පරිසර දිනයේ තේමාව විය. නගරවල වායු දූෂණය සඳහා ප්‍රවාහන ක්ෂේත්රයෙන් කැපී පෙනෙන දායකත්වයක් ලබාදෙයි. වඩාත් කාර්යක්ෂම ප්‍රවාහන ක්‍රමවේද භාවිත කිරීම ඒ අනුව රටකට අත්‍යවශ්‍ය වී තිබේ.
ශ්‍රී ලාංකේය රථ වාහන ක්ෂේත්රයේ දැවැන්තයකු වන සීමාසහිත ඩීසල් සහ මෝටර් ඉංජිනේරු පොදු සමාගම (ඩීමෝ) ටාටා මෝටර්ස් සමාගම සමඟ අත්වැල් බැඳ ගනිමින් ශ්‍රී ලංකාවට පරිසර හිතකාමී Tata Euro 4 Powertrain වෙළෙඳ වාහන හඳුන්වා දී ඇත.
වෙළෙඳ රථ වාහන වෙළෙඳ පොළ තුළ නැවුම් සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් වෙළෙඳ පොළට හඳුන්වා දෙන ලද Next Gen Tata Euro 4 Powertrain වාහන පෙළ සියලුම ආකාරයේ වෙළෙඳ ප්‍රවාහන අවශ්‍යතා සපුරාලීමට සමත්ය. Euro 3 එන්ජින් සමඟ සැසඳීමේ දී Tata Euro 4 එන්ජින් මගින් 8% සිට 10% දක්වා ඉන්ධන පිරිමැස්මක් ලබාදෙයි. තව ද මින් පෙර මාදිලි සමඟ සැසඳීමේ දී වැඩි ජවයක්, අඩු නඩත්තු පිරිවැයක් සහ 80% ක වැඩි පරිසර හිතකාමී බවක් ද මෙමගින් පිරිනැමේ