TVS නවතම යතුරුපැදිය TVS Sport 100

TVS සමාගමේ නවතම පිරිමැසුම්දායක යතුරුපැදිය වන TVS Sport 100 යතුරුපැදිය හඳුන්වා දීම පසුගියදා සිදුවිය. මෙය ඉතාමත් ඉහළ මට්ටමේ ඉන්ධන කාර්යක්ෂමතාවක් සහිත යතුරුපැදියක් ලෙස සැලකේ.

මෙම හඳුන්වා දීමේ උත්සවයේදී අදහස් දක්වමින් TVS Motor Companyහි ජ්‍යෙෂ්ඨ උප සභාපති (ජාත්‍යන්තර ව්‍යාපාර) ආර්. දිලිප් මහතා මෙසේ පැවසී ය. ‘‘දැනටමත් අතිශයින් ජනප‍්‍රිය වී ඇති TVS Sport 100 යතුරුපැදිය ශ‍්‍රී ලංකාවට හඳුන්වා දීමට හැකිවීම අපට විශාල සතුටක්. ලොවපුරා වෙසෙන මිලින 2.5 කට අධික පාරිභෝගිකයන් පිරිසක් වෙනුවෙන් මෙම යතුරුපැදිය හඳුන්වා දී තිබෙනවා. මේ වනවිට ශ‍්‍රී ලංකාව තුළ යතුරුපැදි භාවිතය වේගයෙන් ඉහළ යමින් පවතින අතර, මෙවැනි පසුබිමක් තුළ දිගු දුර ධාවනයට ඉතාමත් සුදුසු, ඉහළ ඉන්ධන පිරිමැස්මක් සහිත යතුරුපැදියක් ලෙස මෙය ශ‍්‍රී ලාංකිකයන් අතර ජනප‍්‍රිය වේවි. ශ‍්‍රී ලංකාව යනු අපගේ ජාත්‍යන්තර වෙළෙඳපොළවල් අතර ප‍්‍රමුඛතම වෙළෙඳපොළක්. අලංකාරය සහ සුවපහසුව මැනවින් එක්තැන් කරන TVS Sport 100 යතුරුපැදිය ශ‍්‍රී ලංකාවට ඉතාමත් හොඳින් ගැළපෙන යතුරුපැදියක් බව අපගේ විශ්වාසයයි.”

TVS Lanka සමාගමේ මෙහෙයුම් අධ්‍යක්ෂ එස්. වී නානා රා ඕ මහතා, දැනටමත් අප TVS මාදිලි රාශියක් ශ‍්‍රී ලංකාවට හඳුන්වා දී තිබෙනවා. ඉදිරියේදී රටපුරා අලෙවිසැල් 400 කට අධික සංඛ්‍යාවකින් TVS Sport 100 යතුරුපැදි මිලදී ගැනීමටත්, අපගේ අතිනවීන සේවා පහසුකම් සහ අමතර කොටස් ලබාගැනීමටත් ජනතාවට අවස්ථාව හිමිවේවි.”

Recommended For You

About the Author: Editor