කට නිසා නහින ‘පාර්ලිමන්ට් ජෝක්ට’ අගමැතිගෙන් දැඩි අවවාද

මහා සංඝරත්නයට අපහාස වන ආකාරයෙන් ප‍්‍රකාශයක් කළ බවට චෝදනා එල්ල වී සිටින රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා අද (17) අරලියගහ මන්දිරයේදී අගමැතිවරයා හමුවුණා.

අග‍්‍රාමාත්‍යවරයා රන්ජන් රාමනායක මහතා වෙත ලිඛිතව දැනුම් දුන්නේ ඔහු කළ බව කියන ප‍්‍රකාශය එජාපයත් තමාත් දැඩිව හෙළා දකින බවත් අදාළ ප‍්‍රකාශය සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් වහාම කළ යුතු බවයි. ඒ අනුවයි අද රන්ජන් රාමනායක මහතා අගමැතිවරයා හමු වුණේ.

එහිදී බුද්ධ ශාසනයට හෝ මහා සංඝරත්නයට අගෞරව වන කිසිදු ප්‍රකාශයක සිදු නොකරන රාජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක මහතාට අගමැතිවරයා විසින් දැඩි ලෙස අවවාද කර තිබෙනවා.

මේ අතර එජාප ඇමැතිවරුන් සහ මන්ත‍්‍රීවරුන් විශාල පිිරිසක් රන්ජන් රාමනායක මහතා සම්බන්ධයෙන් දැඩි විනය පියවර ගත යුතු බව අවධාරණය කරනවා. ඔවුන් පෙන්වා දෙන්නේ මෙවැනි අ¥රදර්ශී ප‍්‍රකාශ හරහා රජය දැඩි අපහසුතාවට පත්වන බවයි.

රන්ජන් රාමනායක මහතා පසුගිය කාලය පුරාම මෙවැනි ආන්දෝලනාත්මක ප‍්‍රකාශ රැසක් සිදුකර ඇති අතර ඔහුට එරෙහිව අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් ද නඩුවක් විභාග වෙමින් පවතිනවා.

බොහෝ දෙනෙක් පවසන්නේ රන්ජන් රාමනායක මහතා ලාභ ජනප‍්‍රියභාවය වෙනුවෙන් මෙවැනි හිස් ප‍්‍රකාශ නිකුත් කිරීම විලාසිතාවක් බවට පත්කර ගෙන ඇති බවයි.

පසුගිය දා පාර්ලිමේන්තු ඇමැතිවරුන් රැුසක් කොකේන් මත්ද්‍රව්‍ය භාවිතා කරන බවට ද ඔහු චෝදනා කළා.

Recommended For You

About the Author: Editor