News of the day: පාන්පිටි මිල වැඩි වුුණ හැටි වහාම සොයන ලෙස අගමැතිගෙන් නියෝග

තිරිගු පිටි කිලෝග්‍රෑමයක මිල රුපියල් අටකින් වැඩිවීම සිදුවූයේ ජීවන වියදම් කමිටුවේ ප්‍රමාදයකින් දැයි සොයා වහාම වාර්තා කරන ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා නියෝග කර තිබේ.

රජයේ ජීවන වියදම් කමිටුවට අමතරව පාරිභෝගික සේවා අධිකාරිය ද මෙවැනි මිල ඉහළ දැමීමකට වගකිව යුතුදැයි සොයා බලන ලෙස අග්‍රාමාත්‍යවරයා අදාළ අංශ වෙත උපදෙස් ලබාදී තිබේ.

කාලයක් තිස්සේ තිරිගු පිටි සමාගම් කළ ඉල්ලීම් සම්බන්ධයෙන් ජීවන වියදම් කමිටුව දැක්වූ ප්‍රතිචාරය ද සවිස්තරාත්මකව මෙහිදී තමා වෙත ඉදිරිපත් කරන ලෙස අගමැතිවරයා නියෝග කර තිබේ.

මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් සතිපතා රැස්වන ජීවන වියදම් කමිටුව අත්‍යවශ්‍ය ආහාර මිල ඉහළ යාම පිළිබද තීරණ ගනු ලැබේ.

මේ අතර තිරිගු පිටි මිල ඉහළ දැමීමට තමන් මෙතෙක් එම සමාගම්වලට අවසරය ලබාදී නොමැති බව පාරිභෝගික සේවා අධිකාරිය සඳහන් කරයි. මේ තත්ත්වය තුළ පාන් ඇතුළු බේකරි නිෂ්පාදනවල මිල ඉහළ දමන වෙළෙදසැල් හිමියන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බව ද එම අධිකාරිය වැඩි දුරටත් සඳහන් කරයි.

Recommended For You

About the Author: Editor