ශී‍්‍ර ලංකාව ප‍්‍රීතිමත් රටවල් දර්ශකයේ ඉහළින් තැබීම තරුණ වෘත්තීයවේදීන්ගේ දැක්මයි – බැසිල් රාජපක්ෂ

ජාතික ආරක්ෂාව, ආර්ථික සමෘද්ධිය හා තරුණ අපේක්ෂාවන් ඉෂ්ට කිරීම යන කරුණු ති‍්‍රත්වය මුල් කරගනිමින් ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ ප‍්‍රමුඛ සන්ධානයේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනය සකස් කෙරෙන බව පක්ෂයේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතා පැවසිය.

ඒ මහතා මෙසේ පැවසුවේ පසුගිය දා පක්ෂ මුලස්ථානයේ පැවැති තරුණ වෘත්තියවේදින්ගේ සමුළුවට එක්වෙමිනි.

රටක් ලෙස ඉදිරියට යාමට තාක්ෂණ ක්ෂේත‍්‍රයේ අවශ්‍යතාවය හඳුනාගනු ලැබුවේ මහින්ද රාජපක්ෂ මහතාගේ පාලන කාලයේදී බව මෙහිදී සඳහන් කළ බැසිල් රාජපක්ෂ මහතා ඒ අනුව පාසල් අධ්‍යාපන විෂය ධාරාවට තාක්ෂණ විෂය ඇතුළු කිරීමෙන් අධ්‍යාපන ක්ෂේත‍්‍රයේ දැවැන්ත වෙනසක් ඇති කිරීමට හැකි වූ බව අවධාරණය කළේය.

ශී‍්‍ර ලංකාව ප‍්‍රීතිමත් රටවල් දර්ශකයේ ඉහළින් තැබීම තරුණ වෘත්තීයවේදීන්ගේ දැක්ම වන අතර ඉදිරි මැතිවරණ ව්‍යාපාරයේදී ජනතාව සිටින්නේ සතුටින්ද යන කාරණය සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කිරීමට පක්ෂය අපෙක්ෂා කරන බවද ඒ මහතා සඳහන් කළේය.
මෙරට මැතිවරණ ඉතිහාසයේ ප‍්‍රථම වතාවට මැතිවරණ ව්‍යාපාරකදී ජනතාවගේ තෘප්තිමත්භාවය පිළිබඳ විමසීමක් කෙරෙන අවස්ථාව මෙය බවත් ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණේ ඉදිරි රජයක් යටතේ ජනතාව සතුටින් තැබීමට එම නිර්ණායක උපයෝගී කරගන්නා බවත් එහිදී වැඩිදුරටත් සඳහන් විය.

මේ අවස්ථාව සඳහා නිතීඥ, වෛද්‍ය, ගණකාධිකාරි ඇතුලූ වෘත්තීන් රැසක් නියෝජනය කරමින් තරුණ තරුණියන් විශාල පිරිසක් සහභාගි වූ අතර රට ගොඩනගන පොදුජන පෙරමුණු ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනය සැකසීමේදී එහි ඇතුළත් විය යුතු කරුණු සම්බන්ධයෙන් තරුණ වෘත්තීයවේදින්ගේ අදහස් හා යෝජනා මෙහිදී සාකච්ඡුාවට බදුන් කෙරිණි.

Recommended For You

About the Author: Editor