SLT Speed Up Carting Challenge 2019 සාර්ථකව නිමාවෙයි

මහජනතාව වෙත නවමු ක්‍රීඩා අත්දැකීමක් තිළිණ කිරීමේ අරමුණින් මෙරට ප්‍රමුඛතම තොරතුරු සන්නිවේදන තාක්‍ෂණ හා ඩිජිටල් සේවා සම්පාදකයා වන ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම .’SLT Speed Up’ තේමාව යටතේ .’SLT Speed Up Carting Challenge 2019. කාර්ටින් ධාවන තරගය පවත්වනු පිණිස බණ්ඩාරගම Sri Lanka Carting Circuit (SLKC) සමග අත්වැල් බැඳගන්නා ලදි.

මෙහි ප්‍රධාන අනුග්‍රාහකයා වශයෙන් දායක වීමේ ශ්‍රී ලංකා ටෙලිකොම්හි අරමුණ වන්නේ ජාතියට ප්‍රතිලාභ රැසක් තිළිණ කිරීමේ භව්‍යතාවක් ඇති නැගී එන අංශයක් වන ‘ක්‍රීඩා සංචාරක කර්මාන්තය’ ආශ්‍රිත වෙළෙඳපොල ඉඩකඩ පුළුල් කිරීමට දායක වන අතරම, ක්‍රියාදාම පාදක කරගත් විනෝදාස්වාද සහ විවේක ක්‍රියාකාරකම් සඳහා ඇති ඉහළ ඉල්ලුම ඉටු කිරීමට පෙරමුණ ගැනීමයි. ක්‍ෂේත්‍රය තුළ ජාත්‍යන්තර මට්ටමේ ප්‍රමිතීන් තහවුරු කිරීමේ අරමුණින් මෙම තරගය Ceylon Motor Sports Club විසින් සංවිධානය කොට පැවැත්වීමට කටයුතු යොදන ලදි.

ශ්‍රී ලංකා ටෙලිකොම් ලබා දෙන අසමසම අධිවේගී ෆයිබර් බ්‍රෝඩ්බෑන්ඩ් විසඳුම් (Ultra highs peed Fibre broadband solutions සංකේතවත් කරමින් 2015 වසරේදී . සයිකල් සවාරිය’ දියත් කරන ලදි. මේ සඳහා තරුණ පරපුර වෙතින් ලැබුණේ නොමඳ පැසසුමකි. එම තේමාවම අනුගමනය කරගනිමින් 2019 පෙබරවාරි මස ‘දක්‍ෂිණ එළියකන්ද කඳු තරණ’ තරගාවලිය පවත්වන ලදී.Speedup තරග මාලාවේ මින් පෙර පැවැත්වුණු එවැනි වැඩසටහන්වල සාර්ථකත්වය මත පදනම් වෙමින් මෙකී කාර්ටින් අභියෝගතා තරගයට දායක වීමට ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම තීරණය කරන ලදි.

සමස්ථ ධාවන අභියෝගතාවයෙහි ජයග්‍රාහකයා වශයෙන් Speedup කණ්ඩායම තේරුණු අතර Flash Squad, SLR GP Autosports, SLR GP Motorsports සහ STC Blue යන කණ්ඩායම් වෙත පිළිවෙළින් දෙවන, තුන්වන, හතරවන සහ පස්වන ස්ථාන හිමි විය. තියාගෝ පෙරේරා මහතා වෙත Fastest Driver of the Day සම්මානය පිරිනැමුණු අතර Classic Driver of the Day සම්මානය දිනා ගැනීමට ශක්ති ගුණසේකර මහතා සමත් විය.

Recommended For You

About the Author: Editor