කුරුණෑගල මහේස්ත‍්‍රාත්ගේ කි‍්‍රයාකලාපය ගැන විමර්ශනයක් කරන්නැයි අධිකරණ සේවා කොමිසමට පැමිණිල්ලක්

කුරුණෑගල ශික්ෂණ රෝහලේ ප‍්‍රසව හා නාරි වෛද්‍ය මෙහොමඩ් ෂාෆි මහතාගේ සිද්ධියට අදාළව කුරුණෑගල මහේස්ත‍්‍රාත් කුරුණෑගල මහේස්ත‍්‍රාත් සම්පත් හේවාවසම් මහතාගේ කි‍්‍රයාකලාපය සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකරන ලෙසට ඉල්ලා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණ සේවා කොමිසම වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.

මෙම පැමිණිල්ල මගින් ඉල්ලා ඇත්තේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඉකුත් ජූලි මස 27 වැනිදා පිටු 210 කින් සමන්විත වැඩිදුර වාර්තාවක් ඉදිරිපත් කරමින් අධිකරණයට කරුණු ඉදිරිපත් කළ අවස්ථාවේදී නඩුවේ පාර්ශ්වකරුවකු නොවන එමෙන්ම, ප‍්‍රසව හා නාරි විශේෂඥ වෛද්‍යවරයකු නොවන කුරුණෑගල මහ රෝහලේ අධ්‍යක්ෂකවරයාගෙන් කරුණු විමසා පැලෝපීය නාල පරීක්ෂාව නොහොත් එච්.එස්.ජී HSG පරීක්ෂණය නවතා දැමීමට නියෝග නිකුත් කිරීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදුකරන ලෙසයි.

මේ අතර කුරුණෑගල මහේස්ත‍්‍රාත්වරයාගේ බිරිඳ ද වෛද්‍ය සාෆි සහ ඔහුගේ බිරිඳ ද සේවය කරන කුරුණෑගල ශික්ෂණ රෝහලේ වෛද්‍යවරියක වශයෙන් සේවය කිරීම මෙන්ම කුරුණෑගල නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ බිරිඳ ද කුරුණෑගල ශික්ෂණ රෝහලේ වෛද්‍යවරියක වශයෙන් සේවය කිරීම ගැන බොහෝ දෙනකුගේ අවධානය යොමුව තිබෙනවා.

Recommended For You

About the Author: Editor