

පාස්කු ඉරිදා මාරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවන් පිළිබද විස්තරාත්මක වාර්තාවක් ලබන 24 වැනි දින සපයන ලෙසට නීතිපති දප්පුල ද ලිවේරා මහතා වැඩබලන පොලිස්පතිවරයාට උපදෙස් ලබාදී තිබෙනවා. අත්අඩංගුවේ පසුවන සැකකරුවන්ගේ සංඛ්‍යාව, සිදුකර ඇති පරීක්ෂණවල වර්තමාන තත්ත්වය ඇතුළු කරුණු පිළිබඳව මෙමගින් විස්තර ඉල්ලා තිබෙනවා.