මාධ්‍ය සාකච්ඡාවලට ගියහම හිතන්නේ නැති ප්‍රශ්න අහන්නේ – අමාත්‍ය තලතා අතුකෝරළ

අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය නීතිඥ තලතා අතුකෝරළ මහත්මිය මෙම අදහස් පළ කළේ ඊයේ (21) ඇහැලියගොඩ ආදාගල පැල්පිටිය ගම්වාසීන් වෙනුවෙන් ඉදි කළ ප්‍රජා ශාලාව ජනතා අයිතියට පත් කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.

එහිදී තවදුරටත් අදහස් පළ කළ අමාත්‍යවරිය මෙසේ ද සඳහන් කළාය.

අවුරුදු 20 ක් අපි බලයේ ඉදලා නැහැ .අපි අවුරුදු 4 ම අපිට කරන්න තියෙන උපරිම දේ කළා. මේ රජයේ ඉන්නේ ජනතාව වෙනුවෙන් ජනතාවට සේවය කරන පුද්ගලයින්. මාධ්‍ය නිදහසක් තිබුණේ නැහැ. මාධ්‍ය ආයතන පිච්චුවා. මාධ්‍යවේදීන් මරලා දැම්මා ලසන්තව මැරුවේ 2007 වුනු මිග් ගනුදෙනුව ගැන ලිවුවා කියලා. අද බලන්නකෝ පුද්ගලික නාලිකා දාලා ජනාධිපතිතුමා අගමැතිතුමා අපිය විවේචනය කරනවා . අද ඒ නිදහස ඇති කරලා තියෙනවා.

මාධ්‍ය සාකච්ඡාවලට ගියහම හිතන්නේ නැති ප්‍රශ්න අහන්නේ. මාධ්‍ය නිදහස ඇති කරන්න අධිකරණයේ ස්වාධීනත්වය ඇති කරන්න. විනිශ්චයකාරවරුන්ට බලපෑම් කරලා නඩු තීන්දු දීපු යුගය අවසන් කරන්න. අග්‍රවිනිශ්චයකාරවරුන් ගෙදර යවපු යුගය අවසන් කරන්න අපි කටයුතු කළා.

දැන් පෙබරවාරි 10 වැනිදා ආණ්ඩුවේ ඉන්නේ අපි අපිට ඡන්දය දෙන්න කියලා කවුරුත් කිවුවේ නැහැ. කැමති කෙනෙකුට ඡන්දය දෙන්න කිවුවා. සමහර අය ඇවිල්ලා කිවුවා මේක පැරැද්දුවොත් මේ අපේ ආණ්ඩුවක් එනවා. අපි දන්නවා වෙන ආණ්ඩුවක් එන්නේ නැහැ කියලා. දිනුවා නම් මේ ආණ්ඩුවෙන් ගොඩාක් වැඩ මේ ගම්වල කරන්න තිබුණා. ප්‍රාදේශීය සභා බලය තිබුණා නම්.

එදා ඡන්දයක් ආවහම මේකට කතිරය ගහන්න කිවුවා අද එහෙම එකක් නැහැ. අද මැතිවරණ නිදහස ලබාදීලා තියෙනවා. ඕන කෙනෙකුට කැමති පක්ෂයකට ඡන්දය දෙන්න පුළුවන්. මොකද අපි සදාකාලාකව ඉන්න ඇවිල්ලා නැහැ. අපිට දීපු ජනවරම තුළ අපි වැඩ කටයුතු කරනවා. එදා සමෘද්ධිය දෙන්න බැලුවේ දේශපාලනය විතරයි. ඒත් ප්‍රේමදාස ජනාධිපතිතුමා ජන සවිය දුන්නේ අඩු ආදායම්ලාභී අයටයි. 94 න් පස්සේ දේශපාලනීකරණය වෙච්ච සමෘද්ධි ව්‍යාපාරය එක එක් කෙනාගේ දේශපාලන අතකොලු බවට පත් වුණා. යූ.එන්.පී ජේ. වී. පී. වුණා නම් එදා සමෘද්ධිය ලැබුණේ නැහැ. දේශපාලන හිතවත්කම් අනුව අවුරුදු 20 ක් සමෘද්ධිය ගත්ත අයත් ඉන්නවා.

අද අපේ රජය වැඩ කර ගෙන යනවා. අධ්‍යාපන ඇමතිතුමා ළගම පාසල හොදම පාසල ව්‍යාපෘතිය යටතේ පාසල් සංවර්ධනය කරනවා. ඉඩම් ඇමතිතුමා ඔප්පු ලබා දෙනවා සෞඛ්‍ය ඇමතිතුමා බෙහෙත් මිළ අඩු කරලා අවශ්‍ය පහසුකම් උපරිමව ලබාදීලා තියෙනවා. සජිත් ඇමතිතුමා නිවාස හදා ගෙන යනවා. මේ වගේ දැවැන්ත සංවර්ධනයක් අද රජය සිදු කර ගෙන යනවා.

මේ අවුරුදු 4 තුළ දුෂ්කර ග්‍රාමීය විහාරස්ථාන සංවර්ධනය කරන්න රුපියල් ලක්ෂ විසි හය දහසක මුදලක් අපේ අගමැතිතුමාගේ උපදෙස් අනුව ලබාදීලා තියෙනවා. අපි මේ වැඩ කරන්නේ ඡන්දය බලා ගෙන නෙවෙයි. අපිට ලබාදීලා තියෙන ජනවරම තුළයි. අපේ ජනාධිපති කෙනෙක් අපේ ආණ්ඩුවක් ඉදිරියේදී පත් කර ගෙන ඉතිහාසයේ මේ රටේ වැඩ කරපු ආණ්ඩු තිබුණා නම් තිබුණේ එක්සත් ජාතික පක්ෂ කාලය තුළ බව ද අමාත්‍යවරිය වැඩිදුරටත් සදහන් කළාය.

Recommended For You

About the Author: Editor