
යළි අමාත්‍යධූර භාර නොගැනීමට ගත තීරණය සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරයා දැනුවත් කිරීමට ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ මන්තී‍්‍රවරුන් අද (22) අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමුවීමට සුදානමින් සිටින බව වාර්තා වේ.
ඊයේ (21) රැස්වූ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ උත්තරීතර මණ්ඩලය යළි අමාත්‍යධූර භාර නොගෙන ආණ්ඩුවට කොන්දේසි මාලාවක් ඉදිරිපත් කිරීමට තීරණය කළේය.
එම කොන්දේසි අතර පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසු නැගෙනහිර පළාතේ මුස්ලිම් වැසියන් මුහුණ දෙන ගැටලු ඇතුළු කරුණු කිහිපයක් සඳහා කඩිනම් විසඳුම් ලබා ගැනීම මූලික වී ඇත.
එම කොන්දේසි මාලාව සම්බන්ධයෙන් අද අග්‍රාමාත්‍යවරයා සමග පැවැත්වෙන සාකච්ඡුාවේදී ඔහුව දැනුවත් කිරීමට තීරණය කර ඇති බව ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය වැඩි දුරටත් පවසයි.