කුණු ගෙන්වීමට පසුගිය රජයේ කිසිදු සම්බන්ධයක් නෑ – අනුර ප‍්‍රියදර්ශන යාපා

ලංකාවට කසළ ගෙන්වීමට පසුගිය රජයේ කිසිදු සම්බන්ධතාවක් නැති බවත් ඒ සම්බන්ධයෙන් ආණ්ඩුව කරන චෝදනා තරයේ ප‍්‍රතික්ෂේප කරන බවත් එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත‍්‍රී අනුර ප‍්‍රියදර්ශන යාපා මහතා කියයි.

ප‍්‍රියදර්ශන යාපා මහතා මේ බව සඳහන් කළේ අද (23) ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ ප‍්‍රධාන කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවේදීය.

එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ අනුර ප‍්‍රියදර්ශන මහතා,

මේ කුණු කන්ටේනර් ගෙන්වීමට සම්බන්ධව පසුගිය රජයේ කිසිදු සම්බන්ධයක් නැහැ. 2013 වසරේ එවකට හිටපු රජය විසින් ඉදිරිපත් කරන ගැසට් පත‍්‍රයක් හරහා ලංකාවට ගෙන්වනවා කියලා අපි පිළිගන්නේ නැහැ.

ඒ ගැසට් පත‍්‍රය මගින් කුණු ගෙන ඒම සඳහා කිසිම නියාමනයක් කරල නැහැ. මේ මගින් 2013දී කරලා තිබෙන්නේ ලංකාවේ බන්දිත ගුදම්, නිදහස් වරායන් හැටියට කොළඹ හා හම්බන්තොට වරායන් නම් කිරිමයි. කොග්ගල හා කටුනායකත් බන්දිත ගුදම් හැටියට නම් කර තිබෙනවා. මේ මගින් යම්කිසි ආකාරයක ආයතනයක් අපනයනය හෝ පිරිසැකසුම් කර නැවත ආනයනය කරන්න පුළුවන්.

ඒක නිදහස් වරායකට ගෙනල්ලා යම්කිසි රටකට ආනයනය කිරීමට හෝ යම් දෙයක් ඊට එකතු කරලා නැවත ආනයනය කිරීමට අවස්ථාව එම ගැසට් පත‍්‍රය මගින් අවස්ථාව හිමිවෙනවා. ඊළඟට එක් රටකින් සපයාගත හැකි එක් රටක නිෂ්ාපදනය කරන භාණ්ඩ ශ‍්‍රී ලංකාවට ගෙන ඒමට පෙර වෙන රටකට අපනයනය කිරීම. විදේශ සේවා දායකයින්ට හිමි සේවා සැපයීමට මෙමගින් අවථාව හිමිවෙනවා. මූල්‍ය සැපයුම් දාමය කළමනාකරණය කිරීම හා බිල් ගත කිරීම මගින් ප‍්‍රධාන පෙළේ ගැනුම්කරුවන්ගේ මූලස්ථාන මෙහෙයුම් කටයුතු කරන්න ලංකාවට මෙම ගැසට් පත‍්‍රයෙන් ඉඩ සලසලා දීලා තිබෙනවා.

ලංකාව ඇතුළත බන්දිත ගුදම් හෝ වෙනත් රටවල සංගෘහිත කිරීම, වැනි සැපයුම් සේවා ඉටු කිරීම මෙම ගැසට් පත‍්‍රයෙන් ගැසට් කරනු ලැබුවා. ඇත්තටම මෙ මගින් තමයි ලංකාවේ හම්බන්තොට වරාය ඉන්දියාවේ වාහන සම්බන්ධයෙන් විශාල ප‍්‍රතිඅපනයනයක්් සිදු කරන තත්වයට පත් කළේ. ඉන්දියාව ඇතුළු රටවල් ගණනාවක වාහන හම්බන්තොට වරායට ගෙනල්ල නැවත ප‍්‍රති අපනයනය කරනවා. ඇතැම් අවස්ථාවල සමහර සමාගම් තව රටකින් භාණ්ඩ ගෙනල්ලා ඒකට ලංකාවෙන් එකතු කරන්න පුළුවන් අගය එකතු කරල ප‍්‍රති අපනයනය කරනවා.

ඊළඟට මේවා සම්පූර්ණයෙන් රේගු ආඥා පනත හා ආනයන අපනයන පනතේ විධිවිධාන වලට අඩංගුයි. ඒ කියන්නේ කසල වගේ දේවල් කිසි දෙයක් මේ පනත් උල්ලංඝනය කරමින් ලංකාවට ගේන්න අවස්ථාවක් නැහැ. මේ පනත් උල්ලංඝණය කළොත් රේගු අධ්‍යක්ෂ ජනරාල් වරයාට හෝ බලයලත් නිලධාරියෙකුට ඕනෑම ස්ථානයකට ගිහින් නීතිය ක‍්‍රියාත්මක කරන්න බලය තිබෙනවා.

සිංගප්පූරු ගිවිසුම හරහා ලංකාවට කසල ගෙන්නන්න පුළුවන් නීතියක් සම්මත කරගන්න මේ ආණ්ඩුව කටයුතු කලා. බාසල් සම්මුතිය මගින් කසක රටක ඉදන් වෙන රටකට රැුගෙන යාම සම්පූර්ණයෙන්ම තහනම්. ඒ නිසා මේ ගුදම් බහාලූම් හදලා අගය එකතු කරලා භාණ්ඩ පිටරට යවන්න නවින වෙළෙදපොල කි‍්‍රයාදාමයක් සදහා ඉදිරිපත් කරපු ගැසට් පත‍්‍රයකින් මේ වගේ මේ වගේ දෙයක් වීම අරුම පුදුම තත්ත්වයක්.

2013 ගැසට් පත‍්‍රය නිකුත් කලාට 2017 දී තමයි කසල ගෙන්වලා තියෙන්නේ. 2017 කියන්නේ මේ ආණ්ඩුව කාලයේ. අනිත් එක තමයි මේ කසල ලංකාවට ගෙනාපු කෙනෙක් නැහැ. හේලීස් පී‍්‍රසෝන් ලිමිටඞ් සමාගම නිවේදනයක් නිකුත් කරලා ඔවුන් කසල ලංකාවට ගෙනාපු බවට ගෙන යන ප‍්‍රකාශය සම්පූර්ණයෙන්ම ප‍්‍රතික්ෂේප කළා. ඊට අමතරව මේ කසල ප‍්‍රතිඅපනයන කරපු කෙනෙකුත් නැහැ. ඒ අනුව මෙහි යම්කිසි සැඟවීමක් තිබෙන බව පේනවා. ඒක නිසා අපි ආණ්ඩුවට කියන්නේ වැරදි තොරතුරු ජනතාවට නොදී කරුණාකර මේ සිද්ධිය පිළිබඳව සත්‍ය කරුණු අනාවරණය කරන ලෙසයි.

Recommended For You

About the Author: Editor